මිනිස් උත්සාහයන්ගේ සෑම ක්ෂේත‍්‍රයකම පිළිගැන්ම සහ සාර්ථකත්වය ලෙස සැලකෙන එක් උච්චතම ත්‍යාගයක් ඇත. ඔලිම්පික් රන් පදක්කම්, ග‍්‍රැමී ත්‍යාගය, ඇකඩමි ත්‍යාගය සහ නොබෙල් ත්‍යාගය “උසස්ම ත්‍යාග” අතර වේ. එහෙත් ඕනෑම කෙනෙකුට දිණිය හැකි ශ්‍රේෂ්ඨතම ත්‍යාගයක් ඇත.

ප‍්‍රථම සියවසේවූ මලල ක‍්‍රීඩා උත්සවයක් ගැන පාවුල් දැන සිටියේය. ත්‍යාගය දිනීම සඳහා තරඟකරුවෝ පූර්ණ උත්සාහය දැරුවෝය. එය සිතෙහි තබාගෙන ඔහු පිලිප්පියේ ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් කණ්ඩායමකට ලීවේ “මට ලාභව තිබුණු යම් යම් දේම ක‍්‍රිස්තුස්වහන්සේ නිසා අලාභයැයි සිතීමට පැමිණියෙමි” (පිලිප්පි 3:7). ඇයි? ඔහුගේ හදවත අලුත් ඉලක්කයක් වැළඳගෙන සිටියේය. “උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක්වල පංගුකාරකමත් දැනගන්නා පිණිසය” (10 පදය). එහෙයින් පාවුල් ප‍්‍රකාශ කළේ “යමක් පිණිස ක‍්‍රිස්තුස්වහන්සේ මා අල්ලා ගත්සේක්ද, ඒක අල්ලාගන්ට වීර්යකරමින් මමත් දුවගෙන යමි” කියාය (12 පදය). තරඟය නිමා කිරීම නිසා ඔහු ලබන ඔටුන්න “ධර්මිෂ්ඨකමේ ඔටුන්න” වේ (2 තිමෝති 4:8).

අප එකිනෙකාට එම ත්‍යාගය ලබා ගැනීම පිණිස දිවිය හැකිය. එය හඹා යාමෙන් අප ස්වාමීන්වහන්සේට ගරු කරමු. අපි අපගේ දෛනික වැඩ කටයුතුවලදී එම “විශාල ත්‍යාගය” කරා “ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමු” (පිලිප්පි 3:14).