මාගේ නගරයේ ගිනිකෙළි සංදර්ශනයක් නරඹන අතර තුර මගේ අවධානය වෙනතකට ගියේය. ප‍්‍රධාන ගිනිකෙළි වලට දෙපසින් දකුණට සහ වමට කුඩා ගිනිකෙළි අහසේ ඉහළට නැගින. ඒවා හොඳය නමුත් ඒවා බැලීමට ගොස් මා ඉදිරියෙහිවූ ප‍්‍රධාන අලංකාර ගිනිකෙළි භුක්ති විඳීමට මට නොහැකි විය.

සමහර විට හොඳ දේවල් නිසා වඩාත් හොඳ දේ අපගෙන් මඟහැරී යයි. එය මාර්තාගේ ජීවිතයේ දී සිදුවිය. ඇයගේ කථාව ලුක් 10:38-42හි සඳහන්ව ඇත. යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයෝ බෙතානියට පැමිණි අවස්ථාවේ මාර්තා ඔවුන්ට තම නිවසට ආරාධනාවක් දුන්නාය. හොඳ පිළිගන්නියක් නම් අමුත්තන්ට ආහාරයක් පිළියෙළ කිරීම අවශ්‍යවේ. එහෙයින් ඇයව ඕනෑවට වඩා අප විවේචනය නොකරන්නෙමු.

මරියා උපකාර නොකරන්නේ යැයි මාර්තා දොස් කී විට තමාගේ පාද පාමුළ සිටින මරියාගේ පැත්ත ගෙන යේසුස්වහන්සේ කථා කළසේක. මාර්තාට වඩා මරියා ආත්මිකයැයි යේසුස්වහන්සේ නොකීසේක. සමහර අවස්ථාවලදී මරියාට වඩා යේසුස්වහන්සේ ගැන මාර්තා විශ්වාස කළ බව පෙනේ (යොහන් 11:19-20). මාර්තා භෞතික පැත්ත ගැන සැලකීම යේසුස්වහන්සේ විවේචනය කළා නොවේ. මාර්තා
දැනගන්නවාට ස්වාමීන්වහන්සේ කැමතිවූයේ අපගේ සේවයේ කාර්යබහුලත්වය මධ්‍යයෙහි උන්වහන්සේට ඇහුම්කන්දීම ප‍්‍රධාන කාරණය බවය.