තමාට තවත් නැගණියක ලැබෙන්න යන්නේ යැයි දැගන්නා කුඩා දරුවාගේ වීඩියෝව ඔබ සමහර විට දැක ඇත. ඔහු අඬමින් විලාප දෙන්නේ “ඔක්කොම කෙල්ලෝ, කෙල්ලෝ, කෙල්ලෝ”! කියාය. එය මිනිස් බලාපොරොත්තු වලට මනහර ලෙස එබී බැලීමකි. එහෙත් බලාපොරොත්තු කඩවීම් වල කිසි විනෝදයක් නැත. අපගේ ලෝකය එ්වායින් පිරී ඇත. බයිබලයෙහි එක් කථාවක් බලාපොරොත්තු කඩවීම් වලින් පිරී ඇත. තම ස්වාමියාගේ දියණිය වන රාඛෙල් සමඟ විවාහ වීම සඳහා යාකොබ් වසර 7ක් වැඩ කිරීමට එකඟ විය. එහෙත් කොන්ත‍්‍රාත්තුව අවසන්වූ විට ඔහුගේ මංගල රාත‍්‍රියේදී පුදුමයට පත්වීමට යාකොබ්ට සිදුවිය. පසුදා ඔහු දුටුවේ රාඛෙල් නොව ඇගේ සොයුරිය ලෙයාය.

අපි යාකොබ්ගේ බලාපොරාත්තු කඩවීම දෙස අවධානය යොමු කරමු. එහෙත් ලෙයාට කෙලෙස සිතෙන්න ඇද්ද? තමාව අවශ්‍ය නැති තමාට ප්‍රේම නොකරන මනුෂ්‍යයෙකු සමඟ විවාහවීමට සිදුවූ විට ඇයගේ බලාපොරොත්තු සහ සිහින කෙලෙස බොඳවී යන්න ඇද්ද?

ගීතාවලිය 32:4හි ඇත්තේ “ස්වාමීන් කෙරෙහි ප‍්‍රීතිමත් වෙව; උන්වහන්සේද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ටකරනසේක” කියාය. දෙවියන්වහන්සේට භය සෙනඟගේ බලාපොරාත්තු කිසිදා කඩ නොවේ යැයි අප සිතිය යුතුද? නැත! ගීතාවලිය පෙන්වන්නේ කර්තෘ තමා වටා අසාධාරණය දකින බවයි. එහෙත් ඔහු දුර දකින්නේය. “ස්වාමීන් කෙරෙහි රඳා ඉවසිල්ලෙන් උන්වහන්සේ බලා සිටුව” කියාය (7 පදය). ඔහුගේ නිගමනය “නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය” යන්නයි (11 පදය).

අවසානයේදී අබ‍්‍රහම්, සාරා, ඊසාක් සහ රෙබෙකා වැළලූ ස්ථානයේ ලෙයා වැළලූවේය (උත්පත්ති 49:31). යාකොබ් ඇයට ගරු කිරීමක් ලෙස එසේ කළේය. මේ ජීවිතයේදී ප්‍රේමය නොලැබී යැයි සිතන ලද ලෙයා තුළින් අපගේ ගැළවුම්කරුවාණන් ලොවට එන පිණිස දෙවියන්වහන්සේ ක‍්‍රියා කළසේක. යේසුස්වහන්සේ සාධාරණත්වය ගෙනැවිත් බලාපොරොත්තුව නැවත ස්ථාපිත කර අපගේ හොඳම සිහින වලට වඩා එහා යන උරුමයක් දෙනසේක.