ව්‍යාපාරික ගමනක් තුළදී මාගේ ස්වාමිපුරුෂයා හෝටල් කාමරයට ඇතුල්වූ විගස ඔහුට අසාමාන්‍ය හඬක් ඇසින. ඔහු පිටත ශාලාවට පැමිණි විට අසල කාමරයක යමෙකු කෑගසනවා ඇසී ඇත. හෝටල් සේවකයෙකුගේ උපකාරයෙන් ඔහුට වැටහුණේ මිනිසෙකු නාන කාමරයේ සිරවී ඇති බවය. නාන කාමරයේ දොර ක‍්‍රියාවිරහිත වීම නිසා පිටතට එ්මට බැරිව ඔහු බියට පත්වී සිටියේය. ඔහුට හුස්ම ගැනීමට නොහැකි යැයි හැඟී ඔහු කෑගැසීය.

සමහර විට ජීවිතයේද අප සිරවී ඇතැයි අපට හැඟේ. අප දොරට ගසමු. ඇගුල කරකවමු. එහෙත් අපට නිදහස්වීමට බැරිය. අපට පිටස්තර උදව් අවශ්‍යවේ.

පිටතින් උපකාරය ලැබීමට නම් අපට යමක් තනිව කළ නොහැකි බව අපි පිළිගත යුතුවේ. සමහර විට පිළිතුරු සඳහා අප තුළම යමක් අපි සොයන්නෙමු. එහෙත් බයිබලය පවසන්නේ “සිත රැවටිලිකාරය” කියාය (යෙරෙමියා 17:9). සත්‍ය වශයෙන් බොහෝ විට අපගේ ජීවිතයේ ප‍්‍රශ්න වලට හේතුව අපමය.

“දෙවියන්වහන්සේ අපේ සිතට වඩා උතුම්ව සියලුදේම දන්නා නිසා” (1 යොහන් 3:20). ස්තූතිවන්ත වීමට අපට හැකිවේ. මේ නිසා අපට උපකාර කිරීමට උන්වහන්සේ හරියාකාරවම දන්නාසේක. කල්පවතින සිතේ වෙනස්වීම් සහ අපගේ ගැටළු විසඳීමේ සැබෑ ආරම්භයන් දෙවියන්වහන්සේගෙන් පැමිණේ. උන්වහන්සේ මත විශ්වාසය තබා උන්වහන්සේ ප‍්‍රසන්න කරනු පිණිස ජීවත්වීමෙන් සිදුවන්නේ අප වර්ධනය වීම සහ සත්‍ය ලෙස නිදහස් වීමය.