කණ්නාඩි හෝ මුහුණ බැලීමේ වෙනත් උපකරන සොයාගැනීමට පෙර සෙනඟ තමන්ව දැක්කේ ඉඳහිටය. වතුර වලවල්, ගංගා සහ ජල පහරවල ඔවුන්ගේ පරාවර්තනය දැකීම සමහර ක‍්‍රම වන්නට ඇත. එහෙත් කණ්නාඩිය එම යුගය වෙනස් කළේය. එසේම කැමරාව එම කෂේත‍්‍රය ඉතා ඉහළ තලයකට ගෙන ගියේය. දැන් අපගේ ජීවිතයේ ඕනෑම සන්ධිස්ථානයකදී ජීවිතය පුරා පවතින ඡායාරූප අපට ගත හැකිය. එය පවුලේ ඉතිහාසය තබාගැනීමටද ඇල්බම් සැදීමටද හොඳය. එහෙත් එය අපගේ ආත්මික යහපතට හානිකර වියැහැකිය. අප දෙස බැලීමෙන් ඇති වන තෘප්තිය අපගේ අවධානය පිටස්තර පෙනුමට යොමු කළ හැකිය. එසේම අපගේ අභ්‍යන්තර පුද්ගලයා විමසීමට ඇති ආශාව අඩුකළ හැකිය.

සෞඛ්‍යමත් ආත්මික ජීවිතයකට අපවම විමසා ගැනීම අත්‍යවශ්‍යය. පාපකාරී තීරණ වල ප‍්‍රතිඵල වලින් ගැළවීම පිණිස අප, අපව ම දැකීම දෙවියන්වහන්සේගේ කැමැත්තය. එය එතරම් වැදගත් නිසා අප අපවම විමසා නොගෙන ස්වාමීන්වහන්සේගේ මේසයට සහභාගිවීම නොකළ යුතු බව දේව වචනය පවසයි (1 කොරින්ති 11:28). මෙම විමසා බැලීමේ අර්ථය දෙවියන්වහන්සේ සමඟ කරනා නිවැරදි කර ගැනීම පමණක් නොව එකිනෙකා සමඟ අප හරිද කියා බැලීමය. ස්වාමීන්වහන්සේගේ මේසය යනු ක‍්‍රිස්තුස්වහන්සේගේ ශරීරය මතක් කර ගැනීමකි. එසේම අප අන් ඇදහිලිවන්තයින් සමඟ සමගිව නොසිටී නම් එය හරියාකාරව සැමරීමට අපට නොහැකිවේ.

අපගේ පාපය දැක, කියාදීම, අන් අය සමඟ ඇති එක්සත්කමද දෙවියන්වහන්සේ සමඟ යහපත් සබඳතාවක්ද වර්ධනය කරයි.