කෙන්යා ගුවන් සමාගමේ බලපත‍්‍ර කවුළුවේදී තහවුරු කිරීම සඳහා මාගේ ගමන් බලපත‍්‍රය දුනිමි. ඔවුන්ගේ ලැයිස්තුවේ මගේ නම පරීක්ෂා කළ විට මාගේ නම එහි නොවීය. ගැටළුව නම්, ප‍්‍රමාණයට වඩා ආසන වෙන්කිරීම සහ නිසි ආකාර සහතික කිරීමක් නොවීමය. එදින නිවසට පැමිණීමේ මාගේ සිහිනය බොඳවිය.

එම සිද්ධිය වෙනත් ලැයිස්තුවක්… ජීවන පොත… මාගේ මතකයට නැගීය. ලූක් 10හි ශුභාරංචි සේවයක් පිණිස යේසුස්වහන්සේ තම ගෝලයන් යැවූසේක. ඔවුන් නැවත පැමිණි විට ප‍්‍රීතියෙන් තම සාර්ථකත්වය ගැන කීවෝය. එහෙත් යේසුස්වහන්සේ ඔවුන්ට පැවසුවේ “ආත්මයන් නුඹලාට යටත්වන නිසා නොව නුඹලාගේ නාම ස්වර්ගයෙහි ලියා තිබෙන නිසා ප‍්‍රීතිවෙන්න” කියාය (20 පදය). අපගේ ප‍්‍රීතියේ අවධානය අපගේ සාර්ථකත්වය නොව දෙවියන්වහන්සේගේ පොතෙහි අපගේ නම ලියා තිබීමය.

එහෙත් එ් ගැන අපට සහතිකයක් ඇතිවන්නේ කෙසේද? දෙවියන්වහන්සේගේ වචනය අපට පවසන්නේ “යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේ යැයි නුඹේ මුඛයෙන් ප‍්‍රකාශ කරන්නෙහි නම් දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවූ බව අදහන්නෙහි නම් නුඹ ගළවනු ලබන්නෙහිය” කියාය (රෝම 10:9).

එළිදරව් 21හි ක‍්‍රිස්තුස්වහන්සේ මත විශ්වාසය තබන අය හට සූදානම්ව ඇති ශූද්ධ නගරය ගැන විස්මය ගෙන දෙන විස්තරයක් යොහන් කරන්නේය. ඉන්පසු ඔහු ලියන්නේ “බැටළු පැටවාණන්ගේ ජීවන පොතෙහි ලියන ලද්දාවුවන් මිස අපවිත‍්‍ර දෙයක්වත් පිළිකුල්වූ බොරුවූ දෙයක් කරන්නෙක්වත් කිසිසේත් එහි ඇතුල් නොවන්නේය” යනුවෙනි (27 පදය).

ජීවන පොත දෙවියන්වහන්සේගේ ස්වර්ගීය ප‍්‍රකාශනයවේ. ඔබගේ නාමය එහි ලියා තිබේද?