Archives: දෙසැම්බර් 2017

තටුමත

"තටුමත" යන තම පොතෙහි ඇලන් ටැනන්ට් අළුවර්ණ උකුස්සාගේ සංක‍්‍රමණය අධ්‍යයනය කිරීමට තමන් උත්සාහ කළ ආකාරය සඳහන් කරයි. උන්ගේ අලංකාරය, කඩිසරකම සහ ශක්තිය නිසා ප‍්‍රසිද්ධ මෙම දඩයම් පක්ෂීන් එකල අධිරාජ්‍යයන් සහ රදලයන් අතර ජනප‍්‍රිය දඩයම් සහකරුවෙකු විය. අවාසනාවකට 1950 ගණන් වල භාවිත කරන ලද ඩි. ඩි. ටී කෘමි නාශකය ඔවුන්ගේ ප‍්‍රජනන රටාවන්ට බාධා ඇති කළේය. එහෙයින් දැන් වඳවී යන පක්ෂී විශේෂයක් ලෙස…

විවේක ගැනීමට ආරාධනාවක්

ආරෝග්‍ය ශාලාවේ හදිසි අනතුරු වාට්ටුවක මිතුරෙකුගේ ඇඳක් අසල සිටින අතර වේදනා විඳින්නන්ගේ හඬින් මගේ සිත සසල විය. මා මගේ මිතුරාටත් දුක් විඳින රෝගීන්ටත් යාච්ඤා කරන අතර මට අවබෝධ වූයේ අපගේ භෞමික ජීවිතය කෙතරම් අස්ථිරද කියාය. එවිට ජිම් රිව්ස්ගේ පැරණි ගීතයක් මට මතක්වේ. ඉන් කියැවෙන්නේ මේ අපගේ නිවාසය නොවන බවය. "අපි ගමනක් යමින් සිටිමු."

මේ ලෝකයේ වෙහෙසින්, වේදනාවෙන්, සාගින්නෙන්, දරීද්‍රතාවයෙන්, රෝගයෙන්…

උදාසීනකම ප‍්‍රතික්ෂේප කරන්න

කාමරය විවිධ වර්ණවලින් බැබළෙන්නට පටන්ගත්තේය. ආධාර එකතුකිරීමේ උත්සවයක අලංකාර සාරි වලින් සැරසුණු ස්ත‍්‍රීහු එහෙ මෙහේ දුවමින් ශාලාව අලංකාර කළෝය. ඔවුන් මුලින් ඉන්දියාවේ සිට පැමිණි අයයි. දැන් ඔව්හු එක්සත් ජනපදයේ ජීවත් වෙති. තම මව්රට ගැන ඔවුන්ට බරක් තිබේ. ඉන්දියාවේ ඌනවර්ධිත දරුවන්ගේ කිතුනු පාසැලකට තිබූ ආර්ථික අවශ්‍යතාවක් ගැන අසා එය තම සිතට ගෙන ඔව්හු ප‍්‍රතිචාර දක්වූහ.

නෙහෙමියා එකල සිටි බලවත්ම පුද්ගලයාගේ ළඟින්ම…

සෙවණක්

බි‍්‍රටිෂ් කොළොම්බියාවේ, වැන්කූවර්හි නිවාස නොමැති සෙනඟ රාත‍්‍රියේ ජීවත් වීමට අලුත් ක‍්‍රමයක් සොයාගෙන තිබේ. රේන්සිටි නැමැති ප‍්‍රදේශයේ සමාජ සේවා අයතනයක් තාවකාලික කූඩාරම් බවට පත් කළ හැකි බංකු වර්ගයක් සාදා ඇත. වහලක් බවට පත් කළ හැකි කොටසක් බංකුවේ පසුපස තිබේ. රාත‍්‍රියේදී මෙම නිදන ස්ථාන සොයාගත හැක. අඳුරේ දිලිසෙන පණිවුඩයක් එ්වායේ දිස්වේ. "මේ නිදන කාමරයකි."

නිවාසයක අවශ්‍යතාවය භෞතිකය. එහෙත් එය ආත්මිකවද එසේය. අප…

දියමන්ති දූවිලි

මිචිගන් ප‍්‍රාන්තයේ අප ඉන්නා ප‍්‍රදේශයේ වරක් ඉතා දැඩි ශීත සෘතුවක් පැවති කාලයේ කාලගුණය ගැන මිශ‍්‍ර හැඟීම් මතු විය. හිම වැටීම මාර්තු මාසය දක්වා පැවතුන විට බොහෝ අයට හිම එපාවී තිබිණ. අඩු උෂ්ණත්වය තව කාලයක් පවතිනු ඇතැයි කියැවෙන කාලගුණ අනාවැකි ගැන සෙනඟ ලතැවුණෝය.

එහෙත් හිමෙහි තිබූ මහිමාන්විත අලංකාරය මා තව තවත් විස්මපත් කළේය. මා මාගේ ගෙදරට එන පාරේ තිබූ හිම නොනවත්වා…

නත්තල් කැපවීම

"රජවරුන්ගේ ත්‍යාගය" නැමති ඕ හෙන්රි ගේ සම්මානනීය කතාන්දරය ජිම් සහ ඩෙලා නැමති තරුණ විවාහක යුවළක් ගැන පවසයි. ඔව්හු ආර්ථික පොරබැදීමක සිටියෝය. නත්තල පැමිණි විට ඔව්හු එකිනෙකාට තෑගි දීමට ගියෝය. මුදල් නැතිකම නිසා ඔවුන්ට දැඩි පියවරවල් ගැනීමට සිදුවිය. රත‍්‍රන් ඔරලෝසුවක් ජිම්ට තිබිණි. එය ජිම්ට ඉතා වටී. ඩෙලා අගය කළේ තම දිගු කෙස්වැටියයි. ඩෙලාට හිස කෙස් සැරසිල්ලක් ගැනීමට ජිම් තමාගේ ඔරලෝසුව විකුණයි.…

බිඳෙන සුළු තෑග්ගක්

බිඳෙන සුළු ත්‍යාගයක් අප දෙන විට එම පෙට්ටියේ අපි එසේ ලකුණු කරමු. "බිඳෙන සුළුයි" කියා අපි ලොකු අකුරෙන් ලියමු. ඊට හේතුව එහි ඇති තෑග්ග යමෙකු විනාශ කරනවාට අප අකමැති නිසාය.

දෙවියන්වහන්සේගේ තෑග්ග අප වෙත පැමිණියේ ඉතාම බිඳෙන සුළු ඇසුරුමකය: ළදරුවෙකු ලෙසය. සමහර විට අප නත්තල ගැන සිතන්නේ තැපැල් පතක ඇති අනර්ඝ දර්ශයනයක් ලෙසය. එහෙත් එය එසේ නොවේ යැයි ඕනෑම මවක…

නත්තල් අභිරහස

චාර්ල්ස් ඩිකන්ස්ගේ නවකථාවක් වන "නත්තල් කැරොල්හි" ආරම්භයේ එබනේසර් ස්කෲජ් වටා ගෙතී ඇති අභිරහසක් තිබේ. ඔහු එතරම් නපුරු ඇයි? ආත්මාර්ථකාමී ඇයි? සෙමින් නත්තල් සමය ගෙවී යන විට ස්කෲජ්ගේ කථාව තුළින් කාරණා පැහැදිලි වේ. ප‍්‍රීතිමත් යෞවනයෙකුගේ සිට ආත්මාර්ථකාමී ලෝභයෙකු දක්වා ඔහු වෙනස්වූ ආකාරය අපට ඉන් ප‍්‍රකාශවේ. ඔහුගේ තනිකම සහ කැඩුණු බිඳුණු ස්වභාවය අපි එහි දකිමු. අභිරහස විසඳෙන විට නැවත ගොඩ එ්මේ මාවත…

එකම ප‍්‍රමාණය නමුත් සැමට ගැළපේ

බොහෝ දරුවන් මෙන් මම නත්තල ඉතා ප‍්‍රීතියෙන් ගතකළෙමි. විශාල බලාපොරොත්තුවකින් මම ගසයට බලමි. ඒ මා හට තබා ඇති සෙල්ලම් බඩු හෝ ක‍්‍රීඩාවන් මොනවාද කියා බැලීමටය. තරුණ කාලයේදී කලිසම් සහ කමිස ලැබෙන්නට ගත් විට මාගේ සිත වැටිණි. වැඩිහිටි තෑගි වල සතුටක් නැත. පසු ගිය නත්තලට මාගේ දරුවෝ මට විවිධ වර්ග සහ වර්ණ වල මේස් දුන්නෝය. මා තරුණවී යැයි මට සිතින, එම…

කුඩා බෙර වාදකයා

"කුඩා බෙර වාදකයා" 1941 දී ලියන ලද ප‍්‍රසිද්ධ නත්තල් ගීතයකි. එය මුලින්ම හැඳින්වූයේ "බෙරයේ කැරොල් ගීතය" ලෙසය. එහි පදනම චෙකොස්ලෝවැකියානු සම්ප‍්‍රදායික නත්තල් ගීතයක්ය. මතෙව් 1-2 සහ ලූක් 2හි මුල් නත්තල් කතාවේ බෙරවාදකයෙකු ගැන සඳහනක් නැති වුවද එම කැරොල් ගීතයේ හරය නමස්කාරයේ අරුතක් දෙයි. රජුන් තුන්දෙනා ක‍්‍රිස්තුස්වහන්සේගේ උපතේ දර්ශනයට බෙරකරුවෙකු රැගෙන එනවා කැරොල් ගීතයෙන් විස්තර වේ. රජවරුන් ගෙනා ලෙස තෑගි ගෙන…