20වන සියවසේ මුල් භාගයේදී කැලිෆෝර්නියාවේ, ෆෝර්ට් බ‍්‍රැග්හි ජීවත්වූ සෙනඟ තම කුණු කඳු මුදුනකින් අසල තිබූ මුහුදු වෙරළකට විසි කළෝය. ටින්, බෝතල්, පිඟන් බඩු, සහ තවත් කුණු විශාල ප‍්‍රමාණයක් අප‍්‍රියජනක ලෙස එහි ගොඩගැසී තිබිණ. වෙරළට කුණු දැමීම නතරවූ විටද එය ලැජ්ජාවක් විය.

කෙසේ වෙතත් වසර ගණනාවක් තුළ මුහුදු රැළි වීදුරු සහ පිඟන් කටු, කැබළි බවට පත් කොට කුණු සාගරයට රැගෙන ගියේය. ගසනා රැළ, වීදුරු කැබලි මුහුදු පත්ලෙහි මැණික් මෙන් දිළිසෙන සාගර පළිඟුකැට බවට වෙනස් කළේය. දැන් ඒවා නැවත වෙරළට ගසාගෙන විත් තැන තැන නැත්පත්වී ඇත. රැළ පහර ගසනා විට වීදුරු, වෙරළේ වර්ණ එහා මෙහා යවන විශ්මයජනක අලංකාරයක් මතුකරන්නේය. වෙරළට පැමිණෙන අමුත්තෝ පුදුමයෙන් එ්වා දෙස බලා සිටින්නෝය.

සමහර විට ඔබගේ ජීවිතයද කුණු ගොඩක් බවට පත්වී ඇතැයිද බලාපොරොත්තුවක් නැතැයිද ඔබට සිතෙනු ඇත. ඔබ දැනගත යුත්තේ ඔබට ප්‍රේමකරන අයෙකු සිටින බවත්, ඔබව මුදා නැවත ස්ථාපිත කිරීමට උන්වහන්සේ බලා සිටින බවත්ය. යේසුස්වහන්සේට ඔබගේ හදවත දෙන්න, ඔබ පවිත‍්‍ර කරන්නයැයි උන්වහන්සේට කියන්න. ඔබ චංචලවීමට උන්වහන්සේ ඉඩ හරිනු ඇත. කඩතොළු මෘදුවීමට කාලයක් යනු ඇත. එහෙත් උන්වහන්සේ ඔබ අත්හරින්නේ නැත. උන්වහන්සේ ඔබවද උන්වහන්සේගේ මිණිකැටයක් බවට පත්කර ගනු ඇත.