ඝානාවේ ආකන් සෙනඟගේ හිතෝපදේශයක් වන්නේ “කබරයා තරහවන්නේ ගල් ගැසූ කොල්ලන් එක්ක නොව ඌගේ දුක දැක ප‍්‍රීතිවූ කොල්ලන් එක්කය” යන්නයි. යමෙකු වැටුණු විට ප‍්‍රීතිවීම එ් වැටීමට පංගුකාරවීමකි. එසේම එ් පුද්ගලයාට තවත් දුක්වේවා!යි පැතීමකි.

යෙරුසෙලමේ මාළිගාව “කෙලහුණු නිසා ඊට විරුද්ධවද ඉශ‍්‍රායෙල් රට පාළුවී තිබෙන නිසා ඊට විරුද්ධවද යුදා වංශය වහල්කමට ගිය නිසා ඔවුනට විරුද්ධවද නුඹ ඔහෝ යැයි….” කියා කුරිරු ලෙස ප‍්‍රීතිවූ අම්මෝනිවරුන්ගේ ආකල්පය එය විය (එසකියෙල් 25:3). උපහාසාත්මකව ඉශ‍්‍රායෙලයේ දුක ගැන සැමරූ අම්මෝනිවරු දෙවියන්වහන්සේගේ උදහසට ලක්වූවෝය. එයින් දරුණු ප‍්‍රතිඵල ඔවුනට ලැබිණ (4-7 පද).

අපගේ අසල්වාසියා කරදරයක වැටුණ විට හෝ ඔහුට ඛේදවාචකයක් පැමිණි විට අප ප‍්‍රතිකි‍්‍රියා දක්වන්නේ කෙසේද? ඇය යහපත්, මිත‍්‍රශීලී ස්ත‍්‍රියක් නම් අප ඇය සමඟ දුක්වී ඇයගේ උපකාරයට යමු. එහෙත් ඔහු හෝ ඇය මිත‍්‍රශීලී නැති කරදරකාරී අයෙකු නම් අප ක‍්‍රියාකරන්නේ කෙසේද? ස්වභාවික නැඹුරුව එය මඟ හැරීම හෝ එම වැටීම නිසා රහසින් සතුටු වීමය.

හිතෝපදේශ අපට අවවාද කරන්නේ “නුඹේ සතුරා වැටෙන කල ප‍්‍රීති නොවන්න. ඔහු පැකිලී වැටෙන කලද නුඹේ සිත ප‍්‍රීති නොවේවා” යනුවෙනි (හිතෝපදේශ 24:17). එ් වෙනුවට යේසුස්වහන්සේ අපට කියන්නේ උන්වහන්සේගේ ප්‍රේමය, ක‍්‍රියාවෙන් පෙන්වන ලෙසය. “(අපගේ) සතුරන්ට ප්‍රේමකර… (අපට) පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන” විට අපි එය ඉෂ්ට කරමු (මතෙව් 5:44). එසේ කිරීමෙන් අපි අපගේ ස්වාමීන්වහන්සේගේ සම්පූර්ණ පේ‍්‍රමය අනුගමනය කරමු (5:48).