වසර 50කට වැඩි කාලයකට ඉහතදී “චාර්ලි බ‍්‍රවුන්” කාටූනයේ නත්තල් වැඩසටහන පළමුවරට ඇමරිකානු රුපවාහිනියේ ප‍්‍රචාරය විය. සමහර රුපවාහිනී ජාලයන් සිතුවේ එය සෙනඟ ගණන් නොගෙන සිටීවි කියාය. තවත් සමහරු බයිබල් පද භාවිතය ප්‍රේක්ෂකයන් වැරදියට තේරුම් ගනීවි කියා කීවෝය. නත්තල් කතාව ඉවත් කරන්න යැයි සමහරු එහි නිර්මාතෘ චාර්ල්ස් ෂූල්ට්ස්හට කිය. ෂූල්ට්ස් කීවේ එය පෙන්විය යුතු බවය. වැඩසටහන ඉතා සාර්ථක විය. 1965 සිට අද දක්වා එය සැම වසරකම විකාශයවේ.

කාටූනයට අනුව නත්තල් කාලයේ වාණිජ්‍යකරණය ගැන නත්තල් නාට්‍යයේ අධ්‍යක්ෂක වන චාර්ලි බ‍්‍රවුන් කලකිරේ. නත්තලේ හරි අර්ථය කාටහරි කිව හැකිදැයි ඔහු අසයි. ලීනස්, ලූක් 2:8-14 කටපාඩමින් කියයි. “මක්නිසාද ස්වාමිවූ ක‍්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර අද උපන්සේක. රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ළදරුවෙක් නුඹලාට සම්බවන්නේය. මේක නුඹලාට ලකුණ යැයි කීවේය. එකෙණෙහිම එ් දේව දූතයා සමඟ මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන්වහන්සේට ප‍්‍රශංසා කරමින් ඉතා උසස් තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප‍්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවා” (11-14 පද) “චාර්ලි බ‍්‍රවුන් එ්ක තමයි නත්තල කියන්නේ” යනුවෙන් ලීන්ස් කථාව අවසන් කරයි.

අපගේ සැකයන් සහ සිහින වලින් පිරි මෙම කාලයේ යෝසෙප්, මරියා, යේසු බබා සහ ගැළවුම්කරුවාණන්ගේ උපත ගැන ප‍්‍රකාශ කළ දේවදූතයන්ගේ කතාන්දරයෙහි ඇති දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය ගැන නැවත සිතීම යහපත්ය.