ලෝකයට යහපත් ආරංචිය ගෙනෙන පිණිස ගාබි‍්‍රයෙල් දේවදූතයා මරියාට දිස්වී පසුව එඩේරුන්ට පෙණී ලෝකයට ශුභාරංචිය ගෙනෙන විට එය මෙම යෞවන ස්ත‍්‍රියට යහපත් වන්න ඇද්ද (ලූක් 1:26-27; 2:10) සමහර විට මරියා සිතන්න ඇත්තේ “මාගේ ගැබ්ගැනීම මාගේ පවුලේ අයට විස්තර කරන්නේ කෙසේද? මාගේ ප්‍රේමවන්ත යෝසෙප් ගිවිසුම අවලංගු කරයිද? ගමේ අය මොනවා කියයිද? මාගේ ජීවිතය බේරුනත් තනි මවක් ලෙස මා ජීවත් වන්නේ කෙසේද?” යනුවෙන් විය හැක.

යෝසෙප් මරියාගේ ගැබ් ගැනීම ගැන දැනගත් විට ඔහු කරදර විය. ඔහුට කළහැකි කාරණා තුනක් විය. විවාහ වීම, ප‍්‍රසිද්ධියේ දික්කසාද වී ඇයට අපහාස විඳීමට ඉඩ හැරීම, නැතිනම් ගිවිසුම නිහඬව අවලංගු කිරීමය. යෝසෙප් තුන්වැනි තෝරා ගැනීම ක‍්‍රියාත්මක කිරීමට සිතුවේය. එහෙත් දෙවියන්වහන්සේ ඊට මැදිහත් විය. උන්වහන්සේ සිහිනෙන් යෝසෙප්ට කීවේ “නුඹේ භාර්යාව වූ මරියා පාවාගන්ට භය නොවන්න. මක්නිසාද ඈ තුළ පිළිසිඳුනාවූ යමක් ඇද්ද එය ශුද්ධාත්මයාණන් කරණකොටගෙනය” කියාය (මතෙව් 1:20).

සිතිය නොහැකි භාවමය අභියෝග මැද දෙවියන්වහන්සේට යටත් වීමෙන් යෝසෙප් සහ මරියාගේ නත්තල ආරම්භ විය. ඔවුන් තමන්ව දෙවියන්වහන්සේට භාරදුන්හ. එසේ කිරීමෙන් 1 යොහන් 2:5හි සඳහන් “යමෙක් උන්වන්සේගේ වචනය පවත්වන්නේද ඔහු තුළ සැබෑවටම දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය සම්පූර්ණ වී තිබේ” යන පොරොන්දුව ප‍්‍රදර්ශනය වනවා ඔව්හු අපට පෙන්නුම් කළෝය.

අප උන්වහන්සේ සමඟ ගමන් කරන විට මේ නත්තල් කාලයේ සහ සැම දිනේ දෙවියන්වහන්සේගේ පේ‍්‍රමයෙන් අපගේ සිත් පූර්ණ වේවා!