මදලේනෝ මේසන් බාස් කෙනෙකි. සඳුදා සිට බ‍්‍රහස්පතින්දා දක්වා ඔහු බිත්ති බඳී, වහලවල් අලුත් වැඩියා කරයි. ඔහු වැඩි කථාබහක් නැති අයෙකි. ඔහු විශ්වාසවන්තය, වෙහෙසවී වැඩකරන්නේය. සිකුරාදා සිට ඉරිදා තෙක් ඔහු කඳුරටට ගොස් දේව වචනය දේශනා කරයි. මදලේනෝ “නහුආටල්” නම් මෙක්සිකානු උප භාෂාව හොඳින් දනී. එහෙයින් එම පාළාතේ ජනයාට ශුභාරංචිය කීම ඔහුට පහසුය. ඔහුගේ වයස 70කි, එහෙත් තවම ඔහු ගෙවල් සාදයි. එසේම ඔහු දේව පවුල ගොඩනැගීමට වෙහෙසෙයි.

ඔහුගේ ජීවිතයට බොහෝ තර්ජන පැමිණ තිබේ. ඔහු තරු යට නිදාගෙන තිබේ, වාහන අනතුරු සහ වැටීම් වලින් මරණයට ආසන්න වී තිබේ. ඔහුව ගම්වලින් එලවා දමා තිබේ. එහෙත් දෙවියන්වහන්සේ තමා කරන දෙයට කැඳවීම දී ඇති බව ඔහු විශ්වාස කරයි. ඔහු සතුටින් සේවය කරයි. සෙනඟට ස්වාමීන්වහන්සේ අවශ්‍ය බව ඔහු විශ්වාස කරයි. එහෙයින් ඔහුට අවශ්‍ය ශක්තිය පිණිස ඔහු දෙවියන්වහන්සේ මත යැපෙයි.

මදලේනෝගේ විශ්වාසවන්තකම නිසා කාලෙබ් සහ යෝෂුවාගේ විශ්වාසවන්තකම මට මතක්වේ. පොරොන්දු දේශය විමසා බලා නැවත වාර්තා කිරීමට එවන ලද මනුෂ්‍යන් අතරේ ඔවුන් සිටියෝය (ගණන් කථාව 13; යොෂුවා 14:6-13). ඔවුන් සමඟ සිටි අනිත් සෙනඟ එම රටේ ජීවත්වූ සෙනඟට බිය වූහ. එහෙත් කාලෙබ් සහ යෝෂුවා දෙවියන්වහන්සේ මත විශ්වාසය තැබුවෝය. දේශය ආක‍්‍රමණය කිරීමට උන්වහන්සේ උපකාර කරන බව ඔව්හු දැන සිටියෝය.

අපට දී ඇති සේවය මදලේනෝගේ, කාලෙබ් හෝ යෝෂුවාගේ සේවයට වඩා වෙනස් විය හැකිය. එහෙත් අප තුළ ඇති සහතිකය එයම විය හැකිය. අන් අයට ළංවන විට අප, අප මත නොව දෙවියන්වහන්සේගේ ශක්තිය මත යැපිය යුතුවේ.