සැම වසරකම අප ප‍්‍රදේශයේ උද්භිද උද්‍යාන ලොව වටා නත්තල් සැමරීම පිළිබඳ උත්සවයක් පවත්වයි. මා ආශා කරන ප‍්‍රදර්ශනය නම් ප‍්‍රංශ නත්තල් නාට්‍යයි. සම්ප‍්‍රදායානුකූල එඩේරු සහ ශාස්ත‍්‍රවන්තයන් රන්, කට්ටකුමන්ජල් සහ සුවඳලාටු ගෙනෙනවා වෙනුවට එහි පෙන්වන්නේ ප‍්‍රංශ ගොවියෝ පාන්, මිදියුෂ, චීස්, මල් සහ යමක් නිපදවීම පිණිස දෙවියන්වහන්සේ ඔවුන්ට හැකියාව දී ඇති දේවල් ගෙන එ්මයි. එය මට මතක් කරන්නේ ස්වාමින්ගේ ගෘහයට ප‍්‍රථම ඵල ගෙන එන්නැයි දී ඇති ආඥාවය (නික්මයාම 23:16-19). මේ නත්තල් නාට්‍යය අපට පෙන්වන්නේ අපට ඇති සියල්ල දෙවියන්වහන්සේගෙන් අපට ලැබී ඇති දේවල් බවය.

රෝමවරුන්ට තමන්වම ජීවමාන යාගයක් කොට දෙවියන්වහන්සේට දෙන්නැයි පාවුල් කී විට ඔහු ඔවුන්ට පවසන්නේ ඔවුන්ගේ ජීවිත එනම් දෙවියන්වහන්සේ ඔවුන්ට දී ඇති දේම උන්වහන්සේට නැවත දෙන්න කියාය (රෝම 12:1). ඊට දෙවියන්වහන්සේ ඔවුන්ට දුන් ත්‍යාග – ජීවත් වීමට දී ඇති හැකියාවන් පවා ඇතුලත්වේ. දෙවියන්වහන්සේ සෙනඟට විශේෂ හැකියා දී ඇති බව අපි දනිමු. දාවිත් වැන්නවුන්ට සංගීතයද (1 සාමුවෙල් 16:18), බෙශාලේල් සහ නොලියාබ් වැනි අයට කලා කර්මාන්ත නිපුණතාවද (නික්මයාම 35:30-35) දී ඇත. ප‍්‍රථමයෙන් උන්වහන්සේ අපට දුන් දේ අප දෙවියන්වහන්සේට නැවත දෙන විට අප උන්වහන්සේට පරිපූර්ණ ත්‍යාගයක් එනම් අපවම දෙන්නෙමු.