ස්ත‍්‍රියක් පදවාගෙන ගිය රථයක් පොලිස් නිලධාරියෙකු නැවැත්වීය. ඇයගේ කුඩා දියණියට තිබිය යුතු විශේෂ ආසනය එහි නොතිබිණ. මාර්ග නීති කැඩූ බවට ඇයට දඩ කොළයක් නිකුත් කිරීමට නිලධාරියාට හැකියාවක් තිබිණ. ඒ වෙනුවට ඔහු මවටද දියණියටද අසල ඇති සාප්පුවකට එන්න කීවේය. අවශ්‍ය ආසනය ඔහුගේ මුදලින් ඇයට රැගෙන දුන්නේය. එම ස්ත‍්‍රිය ආර්ථික අමාරුකම් වලින් පෙළුණු අතර ආසනය ගැනීමට අවශ්‍ය මුදල් ඇයට නොවීය.

ඇයගේ වරදට දඩයක් ලැබිය යුතු වුවද ඇය ත්‍යාගයක්ද සමඟ පිටව ගියාය. ක‍්‍රිස්තුස්වහන්සේ දන්නා සෑම කෙනාම එවැනි දෙයක් අත්දැක ඇත. දෙවියන්වහන්සේගේ නීතිය කැඞීම නිසා අප සියලු දෙනාට දඬුවමක් නියමිතය (දේශනාකාරයා 7:20). එහෙත් යේසුස්වහන්සේ නිසා අපි දෙවියන්වහන්සේගෙන් ලැබිය යුතු නැති පිහිට ලබමු. එම පිහිට නිසා අපගේ පාපයට ලැබිය යුතු අවසන් ප‍්‍රතිඵලයෙන් ගැළවෙමු. එය දෙවියන්වහන්සේ ගෙන් සදාකාලයට වෙන්වීමයි (රෝම 6:23). “(යේසුස්වහන්සේගේ) කරුණාවේ සම්පතේ ප‍්‍රකාරයට… අපේ වරදවලට කමාව අපට ඇත්තේය” (එපීස 1:7).

සමහරු අනුග‍්‍රහයට ‘ක‍්‍රියාත්මක වන පේ‍්‍රමය’ යැයි කියති. තරුණ මව එම අත්දැකීමෙන් පසු කීවේ “මම සැමදා කෘතඥවෙමි… මට සල්ලි ලැබුණ විගස මමත් එවැනිම ක‍්‍රියාවක් කරනවා” කියාය. නිලධාරියාගේ තෑග්ගට දුන් මෙම විශාල කෘතඥතාව දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහයේ තෑග්ග ලැබූ අප උද්යෝගමත් කරන උදාහරණයක් වේ.