2010 ඔක්තෝම්බර් මාසයේදී සිදුවූ විශාල පිපිරීමෙන් චිලී රටේ ආකරයක හිරවූ කම්කරුවන් මුදවා ගැනීමේදී පොළොවයට ඇති පතල් සිතියම් ගත කිරීමට මැකැරෙනා වැල්ඩෙස්ට තිබූ නිපුනතාවය විශාල උපකාරයක් විය. මිනිසුන් සිටින තැන නිවැරදිව සෙයාගෙන කැනීම් කිරීම “මීටර් 700ක සිට මැස්සෙකුට වෙඩි තැබීම වැනිය”යි ඇය කීවාය. ආකර සම්බන්ධ ඇයගේ අත්දැකීම නිසා කම්කරුවන් සිරවී සිටි ස්ථානය සොයා ගැනීමටත් ඔවුන් පුදුමාකාර ලෙස මුදා ගැනීමටත් උපකාර කිරීමට වැල්ඩෙස්ට හැකිවිය.

ආත්මික ගැළවීමේ උත්සාහයන් වලදී අප පහසුවෙන් කළකිරීමට පත්විය හැක. පාවුල් අපොස්තුළුවරයාහට විශාල බාධා හමුවුවද ඔහු පැවසුවේ “අපි ක්ලාන්ත නොවී සිටිමුව” කියාය (2 කොරින්ති 4:1). “තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධ” කොට තිබුනද (2 කොරින්ති 4:1) ඔහු ගැළවීමේ ශුභාරංචිය නොකඩවා දේශනා කළේය (4-5 පද). තමා තුළවූ අඳුරට පේ‍්‍රමයෙන් ආලෝකය එව්වාවූ දෙවියන්වහන්සේගේ පෙළඹවීම ලැබ (6 පදය) දෙවියන්වහන්සේ තමන්ට කළදේ අන් අයට ද කරන බව පාවුල් දැන සිටියේය.

ඔබටත් මටත් ඊට සමාන කථාවක් තිබිය හැකිය. දෙවියන්වහන්සේගේ පෙළඹවීම නිසා සිත් අධෛර්යය කර නොගැනීමට හේතුවක් අපට ද තිබේ. ආකර කම්කරුවන් ගැළවීමේදී මැකැරෙනා උපකාර කළ ලෙස තමන්ට ගැළවීමක් අවශ්‍ය බව තේරුම් ගෙන නැති එහෙත් ගැළවීම අවශ්‍ය අය තුළට අපගේ වචන වල සහ පේ‍්‍රමයේ අලෝකය යැවීමට දෙවියන්වහන්සේගේ ආත්මයට පුළුවන.