දෙවන ලෝක යුද්ධ කාලයේ සිටි පැරෂූට් බල්ලන් ගැන අසා මම විස්මයට පත්වීමි. 1944 ජූනි 6 වැනි දින එනම් ඉරණම් දිනයට පුහුණු වන විට භයංකාර ස්ථාන ගැන හමුදාවට දැන්වීම සඳහා එක්සත් හමුදාවට බල්ලන්ගේ දැඩි ඉව අවශ්‍ය විය. සතුරන් අසල සිටින හමුදාව වෙත බල්ලන් ගෙන යාමට තිබූ එකම ක‍්‍රමය පැරෂූට්ය. එහෙත් බල්ලෝ මෙයට බිය වූහ. අවංකව කියන්නේ නම් භය වූයේ බල්ලන් පමණක් නොවේ. එහෙත් සති ගණනක පුහුණුවකින් පසු ස්වාමිවරුන්ගේ අණ අනුව යානයෙන් පැනීමට බල්ලෝ පුරුදු වූහ.

අභියෝගාත්මක දේවල් හෝ අප බියට පත් වන දේවල් කිරීමට හැකි විශ්වාසයක් අපගේ ස්වාමීන් කෙරෙහි අප තබනවාදැයි මම නොදනිමි. සහජයෙන්ම අප ත්‍යාගශීලී, සමාව දෙන හෝ අපට කරදර කරන අය කෙරෙහි ඉවසන අය නොවිය හැක. එහෙත් අපට අසීරු වුවද උන්වහන්සේගේ රාජ්‍යය ව්‍යාප්ත කරන දේවල් කිරීමට යේසුස්වහන්සේ අපට අණ දෙනසේක. “ඔබ කෙරෙහි විශ්වාසය තබමි. මා විසින් යා යුතු මාර්ගය මට දැක්වුව මැනව” යි කීමට අපට හැකිද? (ගීතාවලිය 143:8).

පැරෂූට් බල්ලෝ උන්ගේ වීරත්වය නිසා පදක්කම් ලැබූහ. උන්වහන්සේ “පනින්න” කියූ විට පැනීමට තරම් අප අපගේ ස්වාමීන් විශ්වාස කළ නිසා “ඔබ යහපත කෙළෙහිය” යන වදන් ඇසීමට කෙදිනක හෝ හැකිවේවායි මම සිතමි.