ඇපො-ලාපී යනු චීනයේ යුනාන් ප‍්‍රාන්තයේ කඳුවල ජීවත් වන ගෝත‍්‍රයක වැඩිමහල්ලෙකි. ළඟදී ඔහු මුණගැසීමට අප ගිය විට අධික වර්ෂාව නිසා සති මැද බයිබල් අධ්‍යයනයට සහභාගි නොවූ බව ඔහු පැවසීය. එහෙයින් “මට දේව වචනය කියා දෙනවාදැයි” ඔහු අපගෙන් ඇසුවේය.

ඇපෝ-ලාපී හට කියවිය නොහැක. එහෙයින් සතියේ බයිබල් අධ්‍යයන සඳහා එකතුවීම ඔහුට ඉතා වැදගත්ය. අප බයිබලය කියවන විට ඔහු උනන්දුවෙන් ඇහුම්කන් දුන්නේය. ඔහුගේ ආකල්පය මට මතක් කර දුන්නේ දේව වචනයේ කතාවට අප ප‍්‍රවේසමෙන් ඇහුම්කන් දෙන විට අප ස්වාමීන්වහන්සේට ගෞරව කරන බවය.

ද්විතීයකථාව 4හි මෝසෙස් ඉශ‍්‍රායෙල්වරුන්ගෙන් ඉල්ලා සිටියේ තමන් ඔවුන්ට උගන්වන නීති සහ පනත්වලට ප‍්‍රවේසමෙන් ඇහුම්කන් දෙන ලෙසය (1 පදය). ඔහු ඔවුන්ට මතක් කළේ ඉගැන්වීම පසුපස තිබෙන උද්යෝගිමත්කමේ මුලාශ‍්‍රය වෙන කිසිවෙක් නොව දෙවියන්වහන්සේ බවය. ඔවුන්ට සීනායි ගිනි මැද සිට කථා කළේ උන්වහන්සේය (12 පදය). “උන්වහන්සේ නුඹලාට පවත්වන්ට අණකළ තමන්වහන්සේගේ ගිවිසුම… නුඹලාට දන්වාදී යනුවෙන් මෝසෙස් කීය (13 පදය).

ඇපෝ-ලාපී තුළ දේව වචනය ඇසීමට තිබූ පිපාසය අප තුළද එවැනි ආශාවක් ඇති කෙරේවා! 2 තිමෝති 3:15-16හි පාවුල් අපොස්තුළුවරයා අපට මතක් කර දෙන ලෙස දේව වචනය අපගේ යහපත සහ වර්ධනය සඳහා දී තිබේ. ඒ ගැළවීමේ මාර්ග සහ දෙවියන්වහන්සේගේ ක‍්‍රම වලදී අප ණැනවත් කරන පිණිසය.