මාගේ ස්වාමිපුරුයාගේ රැකියාව සඳහා ස්ථානය මාරු කිරීමට තිබුණි. අපි ඒ ගැන ඉතා ජ්වලිතව සිටියෙමු. නමුත් නොදන්නා දේ සහ අභියෝග මා කණස්සල්ලට පත් කළේය. අපට අයිති දේවල් තේරීම, ඇසිරීම, ජීවත් වීමට තැනක් සොයා ගැනීම, මා හට වෙනත් රැකියාවක් සොයා ගැනීමද ඊට ඇතුළත් විය. අලුත් නගරයක අලුත් පාරවල් සොයා ගෙන යාම, ස්ථානයේ ස්ථිරවීම යනාදිය අපිළිවෙලක් ඇති කරයි. මා කළ යුතු දේවල ලැයිස්තුව ගැන කල්පනා කරන විට පාවුල් ලියන ලද වචන මාගේ සිතෙහි දෝංකාර දුනි. “කණස්සලු නොවන්න. යාච්ඤා කරන්න” (පිලිප්පි 4:6-7).

නොදන්නා දේවල් සහ අභියෝග ගැන කණස්සලු වූවා නම් එය විය යුතුව තිබුණේ පාවුල්ටය. ඔහුගේ නැව මුහුදුබත් වුනි. ඔහු පහර කෑවේය. සිරගත කරනු ලැබීය. ඔහු පිලිප්පි සභාවට ලියන ලද ලිපියේ නොදන්නා දේවලට මුහුණ දුන් ඔහුගේ මිතුරන්ට කීවේ “නුඹලා කිසිවක් ගැන කණගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුති දීම සමග යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න” (6 පදය) කියාය.

පාවුල්ගේ වචන මා දිරිමත් කරයි. අස්ථිර කාරණා ජීවිතයට නොපැමිණ තිබෙන්නේ නැත. ඒවා ජීවිතයේ විශාල වෙනස්වීම්, පවුල් ගැටළු, සෞඛ්‍ය ප්‍රශ්න, මූල්‍යමය කරදර ලෙස පැමිණියද මා අඛණ්ඩව ඉගෙන ගන්නේ දෙවියන්වහන්සේ අපට සළකන බවයි. නොදන්නා දේ ගැන අප තුළ ඇති භය උන්වහන්සේට දීමෙන් ඒවා අත් හරින්න යයි උන්වහන්සේ පවසන සේක. අප එසේ කරන විට සියල්ල දන්නා තැනැත්තාණෝ අපට පොරොන්දු වන්නේ “කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්‍ෂා කරනවා ඇත” (7 පදය) කියාය.