පරිපූර්ණ වීමේ අවශ්‍යකම නත්තල් කාලයේදී තීවෘවේ. අප සම්පූර්ණ සැමරීමක් ගැන කල්පනා කරමු. ඉන්පසු එය ඉෂ්ට කිරීමට උපරිම උත්සාහය යොදමු. අපි පරිපූර්ණ තෑගි ගැනීමට සාප්පු යන්නෙමු. එසේම පරිපූර්ණ නත්තල් ආහාරය සැලසුම් කරමු. හොඳම සුබ පැතුම් පත් තෝරා ගනිමු. පරිපූර්ණ ලිපි ලිවීමට උත්සාහ කරමු. එහෙත් අපගේ උත්සාහය අපට කලකිරීම සහ බලාපොරොත්තු කඩවීම ගෙන එයි. ඊට හේතුව පරිපූර්ණකම ගැන අප තුළ ඇති මිම්ම එය ක‍්‍රියාත්මක කිරීම සඳහා අප තුළ ඇති හැකියාවට වඩා වැඩි නිසාය. මහන්සිවී සොයාගත් තෑග්ගට ලැබෙන්නේ අඩු සිතකින් එන ස්තූතියකි. ආහාරය පිළියෙල කිරීමේදී බත අඩිය අල්ලයි. නත්තල් සුභ පැතුම් යැවූ පසු එහි තිබූ වරදක් අපට මතක් වේ. දරුවෝ සෙල්ලම් බඩු වලට පොරකති. වැඩිහිටියෝ පරණ රණ්ඩු අවුස්සති.

එහෙත් අසහනයට පත්වනවා වෙනුවට නත්තල එතරම් වැදගත් වීමට හේතුව මතක් කර ගැනීම සඳහා අපට අපගේ කලකිරීම භාවිතා කළ හැකිය. අපට නත්තල අවශ්‍ය වන්නේ අවශ්‍ය ප‍්‍රමිතියට පැමිණීමට අපට නොහැකි නිසාය. මසකට හෝ සතියකට හෝ දවසකට හෝ අප සම්පූර්ණ යැයි කියා සතුටුවීමට අපට නුපුළුවන. සම්පූර්ණකම ගැන අප තුළ ඇති වැරදි අවබෝධය අත්හරින්නේ නම් කිතු උපත ගැන කෙරෙන සැමරීම කෙතරම් අර්ථවත් වනු ඇද්ද? අපගේ අවධානය යොමු විය යුත්තේ අප ධර්මිෂ්ඨ කර ඇති “අපගේ ගැළවුම්කරුවාණන්ගේ සම්පූර්ණත්වය කෙරෙහිය (රෝම 3:22).

මෙම වසරේ ඔබගේ නත්තල් සැමරීම ඔබ සිතූ මට්ටමට නාවේ නම් කනස්සලු නොවන්න. “සෑම කලටම සම්පූර්ණ” විය හැකි එකම ක‍්‍රමය (හෙබ්‍රෙව් 10:14) ක‍්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨකම ගැන ඇදහිල්ලෙන් සිටීම බව විශ්වාස කරන්න.