ඝානාවේ, අසාමෝ ග්‍යාන්, 2014 ලෝක කුසලාන තරඟයකදී, ජර්මනියට විරුද්ධව ගෝලයක් රැස්කළ විට ඔහු සහ ඔහුගේ කණ්ඩායමේ අය නැටුමක් ඉදිරිපත් කළෝය. විනාඩි කිහිපයකට පසු ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝස් ගෝලයක් ලබා ගත් විට ඔහු දුවමින් කරණමක් ගැසීය. “පාපන්දු සැමරීම ඉතා ආකර්ෂණීය වන්නේ ඒවා ක‍්‍රීඩකයන්ගේ පෞර්ෂයන්, වටිනාකම් සහ ඇලුම්කම් එළිදරව් කරන නිසාය”යි 2002 ලෝක කුසලානයට ඇමරිකාව වෙනුවෙන් ගෝල ලබා ගත් ක්ලින්ට් මාතිස් කියයි.

ගීතාවලිය 150 ගීතිකාකරු ආරාධනා කරන්නේ “හුස්ම ඇති” සියල්ලන්ට විවිධාකාර යෙන් දෙවියන්වහන්සේ සමරා ප‍්‍රශංසා කරන ලෙසය. ඔහු යෝජනා කරන්නේ අපි හොරණෑ, වීනා, රබන්, නැටීම යනාදිය ප‍්‍රශංසාව පිණිස භාවිතා කළ යුතු බවය. ඔහු අප දිරිමත් කරන්නේ නිර්මාණශීලීව සහ ඇලුම්කමින් ස්වාමීන්වහන්සේ අගයමින්, ගරු කරමින් පැසසිය යුතු බවය. ඊට හේතුව ස්වාමීන්වහන්සේ ශ්‍රේෂ්ඨ නිසාත් උන්වහන්සේ සෙනඟ වෙනුවෙන් බලවත් ක‍්‍රියා කර ඇති නිසාත්ය. ප‍්‍රශංසාවේ මෙම ප‍්‍රකාශයන් පැමිණෙන්නේ දෙවියන්වහන්සේට ඇති කෘතඥතාවයෙන් ඉතිරෙන අභ්‍යන්තර උල්පතකිනි. “හුස්ම ඇති සියල්ලෝ ස්වාමීන්ට ප‍්‍රශංසා කෙරේවා” යනුවෙන් ගීතාකාකරු ප‍්‍රකාශ කරයි (150:6).

අප විවිධාකාරයෙන් ස්වාමින් සැමරුවද (අපගේ නමස්කාර මෙහෙයෙහි පසුපසට කරණම් ගැසීම මම දිරිමත් නොකරමි) අපගේ ප‍්‍රශංසාව සෑම විට අර්ථවත් ප‍්‍රකාශනයක් විය යුතුය. ස්වාමීන්ගේ චරිතය සහ අප වෙනුවෙන් කළාවූ උන්වහන්සේගේ බලවත් ක‍්‍රියා ගැන අප සිතන විට අපගේ ප‍්‍රශංසා සහ නමස්කාරයෙන් උන්වහන්සේ සමරන්නේ නැතිව සිටිය නොහැකිය.