දෙවියන්වහන්සේගේ නාමය නිකරුණේ භාවිතය පිළිබඳව මම එක් දිනක් මාගේ ආත්මික ගුරුවරයා සමඟ සාකච්ඡා කරමින් සිටියෙමි. “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ ව්‍යවහාර නොකරව” (නික්මයාම 20:7). අසභ්‍ය වචනයකට දෙවියන්වහන්සේගේ නාමය එකතු කිරීම හෝ උන්වහන්සේගේ නාමය සුළු කිරීම හෝ අගෞරවයෙන් භාවිතා කිරීම පමණක් ඉන් කියැවෙන්නේ යැයි අපි කල්පනා කරමු. එහෙත් මාගේ උපදේශකයා සැබෑ ඇදහිල්ල ගැන ඉගැන්වීමට ලැබෙන අවස්ථා පැහැර නොහරියි. දෙවියන්වහන්සේගේ නාමය කෙලෙසන වෙනත් ක‍්‍රම ගැන සිතීමට ඔහු මට අභියෝග කළේය.

අන් අයගේ අවවාද ප‍්‍රතික්ෂේප කර “දෙවියන්වහන්සේ මේ මාර්ගයේ මට යන්නට කිව්වා” කියා මා මගේ ආශා ඉෂ්ට කර ගැනීමට උත්සාහ කරයි නම් මා උන්වහන්සේගේ නාමය වැරදියට පාවිච්චි කරයි.

තර්කයක් ඔප්පු කිරීමට මා බයිබල් ඡේදයක් සංදර්භයෙන් පිට භාවිතා කරයි නම් මම දෙවියන්වහන්ගේ නාමය නිකරුණේ භාවිත කරමි.

අප‍්‍රවේසමෙන් බයිබලය යොදාගෙන මම උගන්වන, ලියන හෝ කථාකරන විට, මම උන්වහන්සේගේ නාමය නිකරුණේ භාවිතා කරන්නෙමි.

ජෝන් පයිපර් නැමති කර්තෘ දෙවියන්වහන්සේගේ නාමය නිකරුණේ භාවිතා කිරීම ගැන මෙම අදහස ඉදිරිපත් කරයි. “නම හිස් නොකරන්න… දෙවියන්වහන්සේ උන්වහන්සේගේ වැදගත්කමෙන් සහ මහිමයෙන් හිස් නොකරන්න” පයිපර් කියන්නේ “උන්වහන්සේට දිය යුතු වැදගත්කම නොදී දෙවියන්වහන්සේ ගැන කථා කරන්නේ නම් අපි උන්වහන්සේගේ නාමය නිකරුණේ භාවිතා කරමු” කියාය.

මාගේ මිතුරා දෙවියන්වහන්සේගේ නාමයට ගරුත්වය දීමට මට අභියෝග කළේය. දෙවියන්වහන්සේගේ වචනය ප‍්‍රවේසමෙන් සහ නිවැරදිව භාවිතා කිරීමට ඔහු මට කීවේය. ඊට වඩා අඩු යමක් උන්වහන්සේට අගෟරවය දෙන්නේය.