කුඩා කාලයේ මුදල් ඉපැයීම සඳහා මම පත්තර බෙදුවෙමි. එය උදෑසන පත‍්‍රයක් නිසා සැම උදෑසනකම පාන්දර 3:00ට නැගිටීම අවශ්‍ය විය. දින හතේම එසේ විය. පත්තර 140ක් උදෑසන 6:00ට පෙර මා බෙදිය යුතුය.

එහෙත් වසෙර් එක් දිනක් එය වෙනස්වේ. නත්තල් උදෑසන පත්තරය අපි බෙදන්නේ පෙර දින සවසය. සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් මා හට උදෑසන නිදා ගන්නට ලැබෙන්නේ එදින පමණි.

වසර ගණනාවක් තුළ බොහෝ හේතු නිසා නත්තල අගය කිරීමට මම පටන් ගතිමි. එහෙත් එකල හේතුව වූයේ එදින මට විවේකයේ දිනයක් වීමය.

ඒ කාලයේදී නත්තල් ගෙන එන සැබෑ විශ‍්‍රාමයේ සම්පූර්ණ අර්ථය මට නොවැටහිණ. ව්‍යවස්ථාවේ බරින් කිසි දිනෙක දිය නොහැකි විශ‍්‍රාමය සමාව තුළින් අප ලබන පිණිස ක‍්‍රිස්තුස්වහන්සේ පැමිණි සේක. “වෙහෙසවන්නාවූ බර උසුලන්නාවූ සියල්ලෙනි මා වෙත එන්න, මම නුඹලාට සහනය දෙමි”යි යේසුස්වහන්සේ කීසේක (මතෙව් 11:28).

අපට තනියම දරාගෙන යා නොහැකි ලෝකයට ක‍්‍රිස්තුස්වහන්සේ පැමිණියේ උන්වහන්සේ සමඟ සබඳතාවකට අප ගෙනවුත් අපට නිවාඩුවක් දෙන පිණිසය.