යුද්ධයේ මිළ කිසි කෙනෙකුට දැරිය නොහැකිය. දැනට රටවල් විශාල ප‍්‍රමාණයක් යුද ගැටුම් වල පැටලී සිටින බව එක් වෙබ් අඩවියක් සඳහන් කරයි. ඒවා කෙසේ, කොහොම අවසන් වනු ඇද්ද? අපට සමාදානය අවශ්‍යවේ. එහෙත් එ් සාධාරණය පරදුවට තබා නොවේ.

යේසුස්වහන්සේ “සාමයේ” යුගයක උපන්සේක. එහෙත් එම සාමය තිබුණේ තදබල පීඩනයකින් සෙනඟ මර්ධනයට ලක් කරමිනි. රෝම සාමය (පැක්ස් රොමානා) පැවතුනේ රෝමය සියලු ගැටුම් මර්ධනය කළ නිසාය.

සාපේක්ෂ සාමයේ එම යුගයට සියවස් 7කට පෙර විරුද්ධ හමුදාවෝ යෙරුසලම ආක‍්‍රමණය කිරීමට උත්සාහ කළෝය. යුද ඡායා මැද දෙවියන්වහන්සේ අනර්ඝ ප‍්‍රකාශයක් කළසේක. “අන්ධකාරයෙහි ඇවිද්දාවූ සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය” (යෙසයා 9:2). “අපට ළදරුවෙක් උපන්නේය. අපට පුත‍්‍රයෙක් දෙන ලද්දේය… උන්වහන්සේගේ ආණ්ඩුවේ විශාලත්වයටත් සමාදානයටත් කෙළවරක් නොවන්නේය (6-7 පදය). ළදරු ක‍්‍රිස්තුස්වහන්සේ තුළ යෙසායාගේ අනාවැකිය පරිපූර්ණවූ බව මතෙව් අපට පවසයි (මතෙව් 1:22-23; යෙසායා 7:14).

ගවමඩු දර්ශනයේ කුඩා බිළිදු අපි අගයමු. එහෙත් එ් අසරණ ළදරුවා සර්වබලධාරී ස්වාමීන්වහන්සේය. “සේනාවල ස්වාමීන්වහන්සේ”ය (යෙසායා 13:13). උන්වහන්සේ එක් දවසකදී “දාවිත්ගේ සිංහාසනයත් ඔහුගේ රාජ්‍යයත් යුක්තියෙන්ද ධර්මිෂ්ටකමෙන්ද ස්ථීරකර පිහිටුවන”සේක (9:7). එය පීඩාකාරී රෝම සාමය මෙන් නොවේ. එය සාම කුමාරයාගේ රාජ්‍යයයි.