තම ස්වාමිපුරුෂයාගේ වියෝවෙන් පසු පැමිණි පළමු නත්තලේදී අපගේ මිතුරිය වන ඩේව්දින් අනර්ඝ ලිපියක් ලියුවාය. ඇය යේසුස්වහන්සේ මෙලොවට ආ විට ස්වර්ගයේ තිබූ තත්ත්වය විස්තර කළාය. “කුමක්ද වන්නේ කියා දෙවියන්වහන්සේ සැම විට දැන සිටි දෙය එයයි” ඇය ලියුවාය. “තුන්දෙනා එක්කෙනෙකු විය. එහෙත් එම අනර්ඝ එකමුතුව අප වෙනුවෙන් බිඳීමට උන්වහන්සේ ඉඩ හැරිය සේක. ස්වර්ගය දෙව් පුත‍්‍රයාගෙන් හිස්විය.”

යේසුස්වහන්සේ මෙලොවදී සෙනඟට උගන්වමින් ඔවුන් සුව කරන අතර උන්වහන්සේ පැවසුවේ “මා ස්වර්ගයෙන් බැස ආවේ මාගේ කැමැත්ත නොව මා එවූ තැනන්වහන්සේගේ කැමැත්ත කරන පිණිසය… මක්නිසාද මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත නම්, පුත‍්‍රයාණන් බලා ඔහු කෙරෙහි අදහන්නාවූ සෑම දෙනම සදාකාල ජීවනය ලැබීමය; මමද අන්තිම දවසේදී ඔහු නැගිටුවන්නෙමි” කියාය (යොහන් 6:38, 40).

යේසුස්වහන්සේ බෙත්ලෙහෙමේ උපන් විට උන්වහන්සේගේ භෞමික සේවය ආරම්භ විය. එ් දෙවියන්වහන්සේගේ පේ‍්‍රමය ප‍්‍රදර්ශනය කර පාපයේ බලයෙන් සහ දඬුවමින් අප ගලවන පිණිස උන්වහන්සේගේ ජීවිතය කුරුසියේදී පූජා කිරීමය.

“වෙන කෙනෙකු වෙනුවෙන් මා පේ‍්‍රම කරන තැනැත්තාට යන්නට හැරීම මට සිතා ගැනීමට පවා නොහැකිය. ඔහු සහ මා එක්කෙනෙක් විය” ඩේව්දින් ලියුවාය. “එහෙත් දෙවියන්වහන්සේ එසේ කළසේක. මාගේ නිවසට වඩා හිස්වූ නිවසක තනි වීමට උන්වහන්සේට සිදුවිය. එසේ කළේ සදාකාලයට මා උන්වහන්සේ සමඟ උන්වහන්සේගේ ගෘහයේ ජීවත් වන පිණිසය.”

“දෙවියන්වහන්සේ ස්වකීය එ්කජාතක පුත‍්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක” (යොහන් 3:16).