“කුඩා බෙර වාදකයා” 1941 දී ලියන ලද ප‍්‍රසිද්ධ නත්තල් ගීතයකි. එය මුලින්ම හැඳින්වූයේ “බෙරයේ කැරොල් ගීතය” ලෙසය. එහි පදනම චෙකොස්ලෝවැකියානු සම්ප‍්‍රදායික නත්තල් ගීතයක්ය. මතෙව් 1-2 සහ ලූක් 2හි මුල් නත්තල් කතාවේ බෙරවාදකයෙකු ගැන සඳහනක් නැති වුවද එම කැරොල් ගීතයේ හරය නමස්කාරයේ අරුතක් දෙයි. රජුන් තුන්දෙනා ක‍්‍රිස්තුස්වහන්සේගේ උපතේ දර්ශනයට බෙරකරුවෙකු රැගෙන එනවා කැරොල් ගීතයෙන් විස්තර වේ. රජවරුන් ගෙනා ලෙස තෑගි ගෙන එ්මට බෙරවාදකයාට නොහැකිවිය. එහෙයින් ඔහු බෙරය වාදනය කර පවසන්නේ “මාගේ උපරිමයෙන් මා උන්වහන්සේට බෙරය වැයුවෙමි” කියාය.

උන්වහන්සේ වැන්දඹුව සහ ඇයගේ කාසි දෙක සම්බන්ධ විස්තර කරමින් නමස්කාරය ගැන පැවසූ දෙය ඉන් දෝංකාර වේ. “සැබෑවක් නුඹලාට කියමි – මේ දිළිඳු වැන්දඹුව සියල්ලට වඩා දැමුවාය. මක්නිසාද මොවුන් සියල්ලෝම තමුන්ගේ වැඩිමනත් දෙයින් ගබඩාවට පඬුරු දැමුවෝය. එහෙත් මෑ තමාගේ හිඟකමින්, තමාට ජීවිකාවට තිබුණු සියල්ලම දැමුවාය” (ලූක් 21:3-4).

බෙරවාදකයාට තිබුණේ ඔහුගේ බෙරය පමණි. වැන්දඹුව සතුවූයේ ඇයගේ කාසි දෙක පමණි. එහෙත් ඔවුන් නමස්කාර කළ දෙවියන්වහන්සේ, ඔවුන් සතු සියල්ල ලැබීමට වටිනා තැනන්වහන්සේය. උන්වහන්සේ තමන් සතු සියල්ල අපට දුන්සේක. එහෙයින් අපගේ සියල්ල ලැබීමට උන්වහන්සේ සුදුසුය.