බොහෝ දරුවන් මෙන් මම නත්තල ඉතා ප‍්‍රීතියෙන් ගතකළෙමි. විශාල බලාපොරොත්තුවකින් මම ගසයට බලමි. ඒ මා හට තබා ඇති සෙල්ලම් බඩු හෝ ක‍්‍රීඩාවන් මොනවාද කියා බැලීමටය. තරුණ කාලයේදී කලිසම් සහ කමිස ලැබෙන්නට ගත් විට මාගේ සිත වැටිණි. වැඩිහිටි තෑගි වල සතුටක් නැත. පසු ගිය නත්තලට මාගේ දරුවෝ මට විවිධ වර්ග සහ වර්ණ වල මේස් දුන්නෝය. මා තරුණවී යැයි මට සිතින, එම මේස් වැඩිහිටියන්ටද හරියැයි ලේබලයේ ගසා තිබිණි. “එකම ප‍්‍රමාණය, එහෙත් සැමට ගැළපේ” යනුවෙනි.

එම ආරාධනාත්මක වැකිකඩ “එකම ප‍්‍රමාණය, එහෙත් සැමට ගැළපේ” නත්තලේ හොඳම තෑග්ග ගැන මට මතක් කරන්නේය. එම කාරණය සනාථ වන්නේ දේව දූතයෝ දුන් පළමු ආරාධනය සමාජ මට්ටමේ පහළින්ම සිටි එඬේරුන්ට වීමෙනි. එහෙත් ප‍්‍රවෘත්තිය පසුව ඉතාම වැදගත්, ධනවත්, බලවත් රජුන් වෙතද යැවේ. ඔව්හු ළදරු ක‍්‍රිස්තුස් නමස්කාර කරන පිණිස තරුව අනුව ආවෝය.

යේසුස්වහන්සේගේ සේවය ආරම්භ කළ පසු යුදෙව් බල මණ්ඩලයේ යම් බලයක් තිබුණාවූ සාමාජිකයෙකු උන්වහන්සේ වෙත ආවේය. උන්වහන්සේ සමඟ ඇතිවූ දෙබසේදී යේසුස්වහන්සේගේ ආරාධනාව වූයේ “අදහාගන්නා සෑම” කෙනාම උන්වහන්සේ වෙත එන්න, යන්නය. කි‍්‍රස්තුස්වහන්සේ තුළ ඇති සරල ඇදහිල්ලෙන් උන්වහනසේ මත විශ්වාසය තබන සියල්ලන්ට ක‍්‍රිස්තුස්වහන්සේ ජීවනය දෙනසේක (යොහන් 3:16).

යේසුස්වහන්සේ දුගීන්ට සහ කොන්වූවන්ට පමණක් නම් නැතිනම් ප‍්‍රසිද්ධ වාසනාවන්ත අයට පමණක් නම් අප බොහෝ දෙනෙකු ඊට සුදුසු නොවනු ඇත. එහෙත් ක‍්‍රිස්තුස්වහන්සේ සියලු දෙනාටය. තත්ත්වය, ආර්ථිකය හෝ සමාජ මට්ටම ගැටළුවක් නැත. සියල්ලන්ට හරියන සත්‍ය ත්‍යාගය උන්වහන්සේමය.