චාර්ල්ස් ඩිකන්ස්ගේ නවකථාවක් වන “නත්තල් කැරොල්හි” ආරම්භයේ එබනේසර් ස්කෲජ් වටා ගෙතී ඇති අභිරහසක් තිබේ. ඔහු එතරම් නපුරු ඇයි? ආත්මාර්ථකාමී ඇයි? සෙමින් නත්තල් සමය ගෙවී යන විට ස්කෲජ්ගේ කථාව තුළින් කාරණා පැහැදිලි වේ. ප‍්‍රීතිමත් යෞවනයෙකුගේ සිට ආත්මාර්ථකාමී ලෝභයෙකු දක්වා ඔහු වෙනස්වූ ආකාරය අපට ඉන් ප‍්‍රකාශවේ. ඔහුගේ තනිකම සහ කැඩුණු බිඳුණු ස්වභාවය අපි එහි දකිමු. අභිරහස විසඳෙන විට නැවත ගොඩ එ්මේ මාවත අපට පෙන්නුම් වේ. අන් අය ගැන ඔහු දක්වන සැලකිල්ල නිසා ස්කෲජ්ව තමා වට කොට ඇති අඳුරෙන් අලුත් ප‍්‍රීතියක් වෙත ඇදී යයි.

ඊට වඩා වැදගත්, ඊට වඩා විස්තර කිරීමට අසීරු අභිරහසක් 1 තිමෝති 3:16හි සඳහන්වේ: “දේවභක්තියේ රහසද නිසැකවම මහත්ය; උන්වහන්සේ මාංශයෙහි ප‍්‍රකාශවූසේක. ආත්මයෙහි ධර්මිෂ්ඨව ඔප්පුවූසේක. දූතයන්ට පෙනුණුසේක. අන්‍යජාතීන් අතරේ ප‍්‍රකාශකරනු ලැබූසේක. ලෝකයෙහි අදහාගනු ලැබූසේක. තේජසට ඔසවාගනු ලැබූසේක.” එය අසාමාන්‍ය දෙයකි! දෙවියන්වහන්සේ මාංශයේ ප‍්‍රකාශවූසේක.

නත්තලෙහි අභිරහස සම්පූර්ණ දෙවියන්වහනසේ ලෙස සිටියදී උන්වහන්සේ මනුෂ්‍යයෙකු වීමය. මනුෂ්‍ය පැහැදිලි කිරීම් වලින් එහාට එය ගමන් කරයි. එහෙත් දෙවියන්වහන්සේගේ සම්පූර්ණ ප‍්‍රඥාව තුළ එය යුගයන්ගේ සැලැස්මය.

“මේ කුමන දරුවාද?” ඒ යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය. උන්වහන්සේ මාංශයේ එළිදරව්වූ දෙවියන්වහන්සේය.