බිඳෙන සුළු ත්‍යාගයක් අප දෙන විට එම පෙට්ටියේ අපි එසේ ලකුණු කරමු. “බිඳෙන සුළුයි” කියා අපි ලොකු අකුරෙන් ලියමු. ඊට හේතුව එහි ඇති තෑග්ග යමෙකු විනාශ කරනවාට අප අකමැති නිසාය.

දෙවියන්වහන්සේගේ තෑග්ග අප වෙත පැමිණියේ ඉතාම බිඳෙන සුළු ඇසුරුමකය: ළදරුවෙකු ලෙසය. සමහර විට අප නත්තල ගැන සිතන්නේ තැපැල් පතක ඇති අනර්ඝ දර්ශයනයක් ලෙසය. එහෙත් එය එසේ නොවේ යැයි ඕනෑම මවක ඔබට කියනු ඇත. මරියා මහන්සිව සිටියාය. සමහර විට සුරක්ෂිතභාවයක් ඇයට නොදැනෙන්ට ඇත. එ් ඇයගේ පළමු දරුවාය. උන්වහන්සේ ඉපදුනේ ඉතා අපිරිසිඳු තැනකය. “ඈ කුලුඳුල් පුත‍්‍රයා බිහිකර රෙදිවලින් ඔතා නවාතැන්ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණු බැවින් ගවයන් කන ඔරුවක බෑවුවාය” (ලූක් 2:7).

ළදරුවෙකුට අඛණ්ඩ රැකවරණය අවශ්‍යය. ළදරුවෝ අඬති, ආහාර ගනිති, නිදති. තමන්ට රැකවරණය දෙන්නන් මත යැපෙති. ඔවුන්ට තීරණ ගැනීමට නුපුළුවන. මරියාගේ කාලයෙහි ළදරු මරණ ප‍්‍රතිශතය ඉතා වැඩිය. එමෙන්ම ළදරු උපත්වල බොහෝ මව්වරුද මියගියෝය.

දෙවියන්වහන්සේ තම පුත‍්‍රයා ලෝකයට එවීමට එවැනි අස්ථීර ක‍්‍රමයක් සොයාගත්තේ ඇයි? අප ගැළවීමට යේසුස්වහන්සේ අප මෙන් විය යුතුව තිබුණ නිසාය. දෙවියන්වහන්සේගේ ශ්‍රේෂ්ඨතම ත්‍යාගය අප වෙත ආවේ ළදරුවෙකුගේ බිඳෙන සුළු ශරීරයක් ලෙසය. උන්වහන්සේ අපට පේ‍්‍රමකරන නිසා දෙවියන්වහන්සේ එම අවදානම ගත්සේක. එම ත්‍යාගයට අපි අද තුති පුදමු.