“රජවරුන්ගේ ත්‍යාගය” නැමති ඕ හෙන්රි ගේ සම්මානනීය කතාන්දරය ජිම් සහ ඩෙලා නැමති තරුණ විවාහක යුවළක් ගැන පවසයි. ඔව්හු ආර්ථික පොරබැදීමක සිටියෝය. නත්තල පැමිණි විට ඔව්හු එකිනෙකාට තෑගි දීමට ගියෝය. මුදල් නැතිකම නිසා ඔවුන්ට දැඩි පියවරවල් ගැනීමට සිදුවිය. රත‍්‍රන් ඔරලෝසුවක් ජිම්ට තිබිණි. එය ජිම්ට ඉතා වටී. ඩෙලා අගය කළේ තම දිගු කෙස්වැටියයි. ඩෙලාට හිස කෙස් සැරසිල්ලක් ගැනීමට ජිම් තමාගේ ඔරලෝසුව විකුණයි. ජිම්ගේ ඔරලෝසුවට දම්වැලක් ගැනීමට ඩෙලා තම කෙස් වැටිය විකුණයි.

කතාන්දරය ඉතා ප්‍රේමණීය එකක් බවට අද පත්වී ඇත. එය අපට මතක් කර දෙන්නේ සත්‍ය පේ‍්‍රමය මධ්‍යයෙහි කැපවීම ඇති බවය. එසේම පේ‍්‍රමයේ සත්‍ය මිම්ම කැපවීමය. මෙම අදහස නත්තලට ඉතා උචිත වේ. ක‍්‍රිස්තුස්වහන්සේගේ උත්පත්ති කතාවේ හෘදස්පන්දනය කැපවීම වීම, ඊට හේතුවයි. යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ ඉපදුනේ මිය යාමටය. උන්වහන්සේ අප වෙනුවෙන් මිය යෑමට ඉපදුනුසේක. “උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න. මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේය” කියා යෝසෙප්ට දේව දූතයා කියන්නේ එ් නිසාය (මතෙව් 1:21).

ක‍්‍රිස්තුස්වහන්සේගේ උපතට බොහෝ කලකට පෙර උන්වහන්සේ අප අපගේ වැටුණු ස්වභාවයෙන් ගළවන්නට එන බව තීරණය වී තිබිණ. ඉන් අර්ථවත් වන්නේ කුරුසියේ ඡායාව තුළින් අප ගව මඩුව දෙස නොබලන්නේ නම් අපට කිසි විටෙක සම්පූර්ණයෙන් ගව මඩුව ඇගයිය නොහැකි බවය. නත්තල යනු සම්පූර්ණ ලෙස ක‍්‍රිස්තුස්වහන්සේගේ පේ‍්‍රමයට සම්බන්ධ දෙයකි. එය හොඳින් පැහැදිලිව පෙනෙන්නේ උන්වහන්සේ අප වෙනුවන් කළ පූජාවෙනි.