මිචිගන් ප‍්‍රාන්තයේ අප ඉන්නා ප‍්‍රදේශයේ වරක් ඉතා දැඩි ශීත සෘතුවක් පැවති කාලයේ කාලගුණය ගැන මිශ‍්‍ර හැඟීම් මතු විය. හිම වැටීම මාර්තු මාසය දක්වා පැවතුන විට බොහෝ අයට හිම එපාවී තිබිණ. අඩු උෂ්ණත්වය තව කාලයක් පවතිනු ඇතැයි කියැවෙන කාලගුණ අනාවැකි ගැන සෙනඟ ලතැවුණෝය.

එහෙත් හිමෙහි තිබූ මහිමාන්විත අලංකාරය මා තව තවත් විස්මපත් කළේය. මා මාගේ ගෙදරට එන පාරේ තිබූ හිම නොනවත්වා ඉවත් කරන විට සුදු හිම ගැන මම ප‍්‍රීති වීමි. එක් දිනෙක එ් මතට අහසින් අයිස් කැට පතිත විය. මාත් මාගේ භාර්යාවත් මෙම අලංකාර දර්ශනය මැදින් ගමන් කරන විට භූමිතලය පුරා දියමන්ති කුඩු ඇතිවාක් මෙන් අපට දිස් විය.

බයිබලයෙහි හිම වලට විවිධ අරමුණු ඇති බව පෙන්වා දෙයි. තමන්වහන්සේගේ මැවිල්ලේ ශ්‍රේෂ්ඨත්වයේ මිම්මක් ලෙස දෙවියන්වහන්සේ හිම එවනසේක (යෝබ් 37:6· 38:22-23). හිමෙන් වැසුණු කඳු මුදුන් පහළ ඇති මිටියාවත් වලට ජලය සපයයි. ඊටත් වඩා වැදගත් වන්නේ. දෙවියන්වහන්සේ හිම පෙන්වන්නේ අපට ලැබෙන සමාවේ චිත‍්‍රයක් ලෙසය. යේසුස්වහන්සේගේ ශුභාරංචිය අපගේ සිත් පාපයෙන් පවිත‍්‍රකර ගැනීමේ මාර්ගයක් අපට පෙන්වයි. අපගේ සිත් “හිමට වඩා සුදු වන්නේය” (ගීතාවලිය 51:7· යෙසායා 1:18).

සැබැවින් හෝ ඡායාරූප වල ඊළඟ වාරයේ ඔබ හිම දකින විට එම අලංකාර ස්වභාවික තෑග්ග චිත‍්‍රයට නගන සමාව සහ පාප දඬුවමින් ලැබෙන නිදහස ගැන දෙවියන්වහන්සේට ස්තූති කරන්න. අපගේ ගැළවුම්කරුවාණන් මත විශ්වාසය තබන සියල්ලන්ට එය ලැබේ.