බි‍්‍රටිෂ් කොළොම්බියාවේ, වැන්කූවර්හි නිවාස නොමැති සෙනඟ රාත‍්‍රියේ ජීවත් වීමට අලුත් ක‍්‍රමයක් සොයාගෙන තිබේ. රේන්සිටි නැමැති ප‍්‍රදේශයේ සමාජ සේවා අයතනයක් තාවකාලික කූඩාරම් බවට පත් කළ හැකි බංකු වර්ගයක් සාදා ඇත. වහලක් බවට පත් කළ හැකි කොටසක් බංකුවේ පසුපස තිබේ. රාත‍්‍රියේදී මෙම නිදන ස්ථාන සොයාගත හැක. අඳුරේ දිලිසෙන පණිවුඩයක් එ්වායේ දිස්වේ. “මේ නිදන කාමරයකි.”

නිවාසයක අවශ්‍යතාවය භෞතිකය. එහෙත් එය ආත්මිකවද එසේය. අප කරදරයෙන් සිටිනා විට දෙවියන්වහන්සේ අපගේ ආත්මවල රැකවරණයවේ. දාවිත් රජු ලියා ඇත්තේ “මාගේ සිත ක්ලාන්ත වන කල… මා විසින්ම නැංග නොහැකි පර්වතයට මා ගෙනගිය මැනව” කියාය (ගීතාවලිය 61:2). අපගේ හැඟීම් අපට දරාගත නොහැකි වන විට සතුරාගේ උපක‍්‍රම වලට අප වඩ වඩා විවෘත වේ. බියවරදක් කර ඇතැයි යන හැඟීම, රාගික ආශා, සතුරාගේ උපක‍්‍රම වලින් කිහිපයකි. එවිට අපට ස්ථාවරත්වයේ සහ රැකවරණයේ මූලාශ‍්‍රයක් අවශ්‍යවේ.

අප දෙවියන්වහන්සේ තුළ රැකවරණය ලබන්නේ නම් සාතන් අපගේ සිත් සහ මනසට බලපෑම් කරන විට ජය ගැනීමට අපට හැකිය. “ඔබ මට රක්ෂාස්ථානයක්ද සතුරා කෙරෙන් බලකොටුවක්ද වූසේක. මම… ඔබගේ පියාපත් සෙවණ සරණ කොට ගන්නෙමි” (3-4).

අපට දරාගත නොහැකි වන විට දෙවියන්වහන්සේගේ පුත‍්‍ර යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ තුළින් සාමය සහ සුරක්ෂිතභාවය අප සතුවේ. “මා තුළ නුඹලාට සමාදානය තිබේ දීලෝකයෙහි නුඹලාට පීඩා තිබේ. නුමුත් ධෛර්යවත්වෙන්න: මම ලෝකයෙන් ජයගතිමි” (යොහන් 16:33).