ආරෝග්‍ය ශාලාවේ හදිසි අනතුරු වාට්ටුවක මිතුරෙකුගේ ඇඳක් අසල සිටින අතර වේදනා විඳින්නන්ගේ හඬින් මගේ සිත සසල විය. මා මගේ මිතුරාටත් දුක් විඳින රෝගීන්ටත් යාච්ඤා කරන අතර මට අවබෝධ වූයේ අපගේ භෞමික ජීවිතය කෙතරම් අස්ථිරද කියාය. එවිට ජිම් රිව්ස්ගේ පැරණි ගීතයක් මට මතක්වේ. ඉන් කියැවෙන්නේ මේ අපගේ නිවාසය නොවන බවය. “අපි ගමනක් යමින් සිටිමු.”

මේ ලෝකයේ වෙහෙසින්, වේදනාවෙන්, සාගින්නෙන්, දරීද්‍රතාවයෙන්, රෝගයෙන් සහ මරණින් පූර්ණය. අප මෙවැනි ලෝකයක් පසුකර යා යුතු බැවින් යේසුස්වහන්සේගේ ආරාධනාව කාලෝචිතය, සැනසීමක් දෙන්නේය. “වෙහෙසවන්නාවූ බර උසුලන්නාවූ සියල්ලෙනි මා වෙතට එන්න මම නුඹලාට සහනය දෙමි” (මතෙව් 11:28). අපට මෙම සහනය අවශ්‍යය.

යොහන් දුටු දර්ශනය වන “අලුත් අහසක් සහ අලුත් පොළොවක්” ගැන සඳහන් නොකරන මළ ගෙදරකට මා ගොස් ඇත්තේ කලාතුරකිනි (එළිදරව් 21:1-5). එය මළගෙවල් වලට උචිතය. එහෙත් මා විශ්වාස කරන්නේ මළවුන්ට වඩා එය ජීවත් වන අයට අදාල බවය. උන්වහන්සේ වෙත පැමිණ සහනය ලබන්න, යන ආරාධනයට ඇහුම්කන්දීමට කාලය අප ජීවත් වන කාලයයි. එළිදරව් පොතේ ඇති පොරොන්දු අපට අයිති වෙන්නේ එවිට පමණි. දෙවියන්වහන්සේ අප සමඟ වාසය කරනවා ඇත (3 පදය). උන්වහන්සේ අපගේ කඳුළු පිසදමනවා ඇත (4 පදය). “මරණය තවත් නොවන්නේය, වැළපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය” (4 පදය).

යේසුස්වහන්සේගේ ආරාධනය පිළිගෙන උන්වහන්සේගේ විවේකයට අවතීර්ණ වන්න.