“තටුමත” යන තම පොතෙහි ඇලන් ටැනන්ට් අළුවර්ණ උකුස්සාගේ සංක‍්‍රමණය අධ්‍යයනය කිරීමට තමන් උත්සාහ කළ ආකාරය සඳහන් කරයි. උන්ගේ අලංකාරය, කඩිසරකම සහ ශක්තිය නිසා ප‍්‍රසිද්ධ මෙම දඩයම් පක්ෂීන් එකල අධිරාජ්‍යයන් සහ රදලයන් අතර ජනප‍්‍රිය දඩයම් සහකරුවෙකු විය. අවාසනාවකට 1950 ගණන් වල භාවිත කරන ලද ඩි. ඩි. ටී කෘමි නාශකය ඔවුන්ගේ ප‍්‍රජනන රටාවන්ට බාධා ඇති කළේය. එහෙයින් දැන් වඳවී යන පක්ෂී විශේෂයක් ලෙස උන් ගණන් ගැනේ.

මෙම කුරුළු විශේෂය නැවත බෝ කිරීමට ඇති උනන්දුවෙන් ටෙනන්ට් කුරුල්ලන් කිහිපදෙනෙක් තෝරාගෙන උන්ගේ තටුවල පණිවුඩ හුවමාරු යන්ත‍්‍ර සවි කළේය. එ් උන්ගේ සංක‍්‍රමණික ක‍්‍රියාකලාපය අධ්‍යයනය කරන පිණිසය. එහෙත් ඔහුත් ඔහුගේ ගුවන් නියමුවාත් උන් පසුපස ගුවන් යානයකින් ගමන් කරන විට යන්ත‍්‍රයෙන් නික්මෙන සංඥා කිහිපවරක් නැතිවිය. තාක්ෂණික දියුණුව තිබුණද ඔවුන් උපකාර කිරීමට උත්සාහ කළ පක්ෂීන් සමහර අවස්ථාවල සොයා ගැනීමට ඔවුන්ට නොහැකි විය.

එහෙත් අප ගැන සලකන දෙවියන්වහන්සේට අප සොයා ගැනීමට නොහැකි වන්නේ නැති බැවින් එය යහපත්ය. යේසුස්වහන්සේ කීවේ එක් ගේ කුරුල්ලෙක්වත් “පියාණන්වහන්සේ නොදැනුවත්ව බිම වැටෙන්නේ නැත” (මතෙව් 10:29-31). “එබැවින් භය නොවන්න, නුඹලා බොහෝ ගේ කුරුල්ලන්ට වඩා වටින්නහුය” කියාය.

අපට අසීරු අවස්ථා මුණ ගැසුණ විට දෙවියන්වහන්සේ අපගේ තත්ත්වය දන්නේද කියා සැක කිරීමට බිය හේතුවන්නේය. යේසුස්වහන්සේගේ ඉගැන්වීම අපට පෙන්වන්නේ දෙවියන්වහන්සේ ගැඹුරු ලෙස අපට සලකන බවත් උන්වහන්සේ පාලනයේ සිටින බවත්ය.
උන්වහන්සේ අපගේ පසුපස එ්ම කිසි∞ වරත්‍ථන්නේ නැත.