මාගේ පියා සභාපාලකවරයෙකි. සැම වසරකම පළමු ඉරුදින ඔහු ක‍්‍රිස්තුස්වහන්සේගේ නැවත පැමිණීම ගැන බොහෝ විට 1 තෙසලෝනික 4 උපුටා ගනිමින් දේශනා කළේය. ඔහු අවධාරණය කළ කරුණ සැම විට එකක්ම විය. ”යේසුස්වහන්සේගේ නැවත පැමිණීම මෙම වසරේදී සිදු≥විය හැකිය. උන්වහන්සේ හමුවීමට ඔබ සූදානම්ද?” ”එය සත්‍යයක් නම් උන්වහන්සේ සමඟ යන අය සමඟ මා සිටිනු ඇත්දැයි මට විශ්වාස නැහැ”යි සිතමින් අවුරුදු 6 දී ඇසූ එම දේශනාව මට කිසිදා අමතක නොවේ.

මගේ දෙමව්පියන් ස්වර්ගයට යන බව මට සහතික වූ අතර මටත් යාමට අවශ්‍ය විය. එහෙයින් මාගේ පියා සභාව අවසන්වී ගෙදර ආ විට එ් ගැන ස්ථීරව දැනගන්නේ කෙසේදැයි මම ඇසුවෙමි. ඔහු බයිබලය දිගහැර පද කිහිපයක් මාහට කියවීය. මට ගැළවුම්කරුවාණන් අවශ්‍ය හේතුව ඔහු පැහැදිලි කරදුන්නේය. මාගේ පාප ගැන මට ඇඟවීමට ඔහුට වැඩි වේලාවක් ගත නොවීය. එදින මාගේ පියා මට ක‍්‍රිස්තුස්වහන්සේ හඳුන්වා දුන්නේය. එම සත්‍යයන් මාගේ සිතෙහි රෝපණය කිරීම ගැන මම පියාට සැම දා කෘතඥවෙමි.

දිනෙන් දින ව්‍යාකූල වන ලෝකයක මේ වර්ෂයේ යේසුස්වහන්සේ එනවා ඇතැයි යන්න කෙතරම් විශාල බලාපොරොත්තුවක්ද. ඊටත් වඩා සහනයක් වන්නේ ගැළවීම පිණිස උන්වහන්සේ විශ්වාස කරන අය එකතු කර මෙම ලෝකයේ වේදනාවෙන්, දුකෙන් සහ බියෙන් ඔවුන් නිදහස් කෙරෙන බවට ඇති අපේක්ෂාවයි. ඊටත් වඩා යහපත් දෙය නම් සදාකාලයටම අපට ස්වාමීන්වහන්සේ සමඟ සිටීමට හැකිවීමය.