මා ආශා කරන කොරියානු නිළියකගේ වෙබ් අඩවියක් මට හමුවූ විට මා ඇයට පණිවුඩයක් යැවීමට තීරණය කළෙමි. මම හැකි හොඳම පණිවුඩය යවා ඇයගෙන් පිළිතුරක් එනතුරු බලා සිටියෙමි. ප‍්‍රතිචාරයක් ලැබීම ඉතා දුර්ලභ බව මම දැන සිටියෙමි. එවැනි ජනප‍්‍රිය නිළියකට දිනපතා දහස් ගණන් පණිවුඩ ලැබේ. එහෙත් පිළිතුරක් ලැබෙතැයි මම බලාපොරොත්තු වුණෙමි. මගේ බලාපොරොත්තුව කඩවිය.

දෙවියන්වහන්සේ අපට ප‍්‍රතිචාර දක්වන බව දැන සිටීම ස්තූතිවන්ත වීමට කරුණකි. උන්වහන්සේ “මහෝත්තමයාණන්” ය. “සර්වපරාක‍්‍රමයාණන්ය” (ගීතාවලිය 91:1). උන්වහන්සේගේ තත්ත්වය උසස්ය. උන්වහන්සේගේ බලය අසීමිතය. එහෙත් උන්වහන්සේට ළඟාවීමට අපට පුළුවන. “මට යාච්ඤා (කරන්න) මම උත්තර දෙන්නෙමි” කියා දෙවියන්වහන්සේ අපට ආරාධනා කරනසේක (15 පදය).

රෙදි සහ ඇඳුම් විවීමට වියන්නන් කුලියට ගත් පුරාණ රජෙකු ගැන කතාන්දරයක් තිබේ. රජු සේද රෙදි සහ මෝස්තර වියන්නන්ට දී ගැටළු ඇත්නම් ඔහුගේ උපදෙස් පතන්න යැයි කීවේය. එක් තරුණ වියන්නෙකු ප‍්‍රීතියෙන් සාර්ථකව සිටි අතර අන් අයට සැම විටම ගැටළු තිබිණි. ඔහු සාර්ථකවන්නේ කෙසේදැයි තරුණයාගෙන් ඇසූ විට ඔහු මෙසේ ඇසුවේය. “මම කීවරක් රජු හමුවූවාද කියා නුඹලා දැක්කේ නැද්ද?” ඔවුන් උත්තර දුන්නේ “ඔහුට වැඩ වැඩියි. ඔහුට කරදර කරන එක වැරදියි කියා අප හිතුවා” කියාය. “මම ඔහු කී වචනය පිළිගත්තා. ඔහු සැම විට මට ප‍්‍රීතියෙන් උදව් කළා” යනුවෙන් තරුණයා කීවේය.

අපගේ දෙවියන්වහන්සේ එම රජු වැනිය. ඊට වඩා බොහෝ ශ්‍රේෂ්ඨය. අපගේ සුළු ගැටළුවටද සිහින් ශබ්දයටද සැලකිල්ල දැක්වීමට උන්වහන්සේ ප්‍රේමණීයය, කරුණාවන්තය.