ජීවිත ගමනේදී අපට නිතර ඇතිවන අසීරුතාවයක් නම් අපට දැනට අවශ්‍යදේ ගැන කනස්සලු වන බැවින් අපට දැනට ඇති දේ අමතක වීමය! ගීතාවලිය 103 පදනම් කොට සෑදුන අනර්ඝ ගීතිකාවක් අපගේ ගීතිකා කණ්ඩායම ගායනා කරන විට මට එය මතක් විය. “මාගේ ආත්මය ස්වාමීන්ට ප‍්‍රශංසා කරව, උන්වහන්සේගේ උපකාර සියල්ල සිහි නැති නොකරව” (2 පදය). උන්වහන්සේ අපට සමාව දෙන්නාවූ අප සුවකරන්නාවූ අප ගලවන්නාවූ අපට සපයන්නාවූ අප තෘප්තිමත් කරන්නාවූ සහ අප අලුත් කරන්නාවූ තැනන්වහන්සේය (4-5 පද). අපට එ්වා අමතක වන්නේ කෙසේද? එහෙත් දෛනික ජීවිතයේ ප‍්‍රශ්න අපගේ අවධානය වෙනස් කරන විටද අප පරාජය වන විටද තත්ත්වයන් අපට පාලනය කළ නොහැකි විටද අපි එසේ කරන්නෙමු.

මෙම ගීතිකාවේ කර්තෘ මතක් කර ගැනීමට යැයි අපට පවසන්නේ “ස්වාමීන්වහන්සේ අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටිනසේක… උන්වහන්සේ අපේ පාප වල ප‍්‍රකාරයට අප කෙරෙහි ක‍්‍රියා නොකළසේක. අපගේ අයුතුකම්වල ප‍්‍රකාරයට විපාක නුදුන්සේක. මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය” කියාය (8, 10-11 පද).

අපගේ ඇදහිල්ලේ ගමනේදී අපගේ නුසුදුසුකම දැක අපි යටත්කමින් යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේ වෙත එන්නෙමු. උන්වහන්සේගේ අනුග‍්‍රයය ලැබීමට අපට කිසි සුදුසුකමක් නැත. උන්වහන්සේගේ ප්‍රේමයේ බහුලත්වය අපට විශ්වාස කිරීමට අසීරුය! එ් සියල්ල අපට උන්වහන්සේගේ වරප‍්‍රසාද සිහියට නගයි. “මාගේ ආත්මය උන්වහන්සේට ප‍්‍රශංසා කරව. මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධවූ නාමයට ප‍්‍රශංසා කරව” (1 පදය).