“දෙවියන්වහන්සේ මට ඇහුම්කන් නොදෙන්නේ යැයි සමහරවිට මට හිතෙනවා.” මත්පැන්වලට ඇබ්බැහිවූ ස්වාමිපුරුෂයෙකු සමඟ ජීවත් වන අතර දෙවියන්වහන්සේ සමඟ ශක්තිමත්ව ගමන් කිරීමට උත්සාහ කරන ස්ත‍්‍රියකගේ එම ප‍්‍රකාශය, බොහෝ ඇදහිලිවන්තයින්ගේ හදවතින් නැගෙන හඬට සමානය.

උන්වහන්සේට පහසුවෙන් මහිමය ගෙන දියහැකි යහපත් දෙයක් අප දෙවියන්වහන්සේගෙන් නැවත නැවත ඉල්ලන නමුත් පිළිතුරක් නොලැබෙන විට අප සිතිය යුත්තේ කුමක්ද? උන්වහන්සේ ඇහුම්කන් දෙන්නේද?

ගැළවුම්කරුවාණන්ගේ ජීවිතය දෙස බලමු. තම හදවත වගුරුවමින් “මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා” යයි කන්නලව් කරමින් ගෙත්සෙමෙන උයනෙහි උන්වහන්සේ පැය ගණනක් යාච්ඤාවෙන් පොරබැදූසේක. (මතෙව් 26:39). එහෙත් පියාණන්ගේ පිළිතුර පැහැදිලිවම “නොහැක” යන්න විය. ගැළවීම ලබා දීම සඳහා කුරුසියෙහි මැරෙන පිණිස යේසුස්වහන්සේ එවීමට දෙවියන්වහන්සේට සිදුවිය. තම පියාණන් තමා අත්හැරිය බවක් යේසුස්වහන්සේට පෙණුනද උන්වහන්සේ උද්යෝගයෙන් හැඟුම්බරව යාච්ඤා කළේ දෙවියන්වහන්සේ අසා සිටින බව උන්වහන්සේ දැන සිටි නිසාය.

අප යාච්ඤා කරන විට, දෙවියන්වහන්සේ ක‍්‍රියාත්මක වන ආකාරය හෝ උන්වහන්සේ එ් තුළින් යහපතක් ගෙන එන්නේ කෙසේදැයි අපට නොතේරේ. එබැවින් අපට උන්වහන්සේ විශ්වාස කිරීමට සිදුවේ. අපි අපගේ අයිතිවාසිකම් අත්හැර දෙවියන්වහන්සේට හොඳම දෙය කිීමට ඉඩ දෙමු.

අපි නොදන්නා දේවල් සියල්ල දන්නාවූ දෙවියන්වහන්සේට භාර කරමු. උන්වහන්සේ අසා සිටින අතර උන්වහන්සේගේ ක‍්‍රමයට ක‍්‍රියාත්මක වන සේක.