නත්තලින් පසු පැමිණි ලිපි ගොන්න මැද තිබී මාහට වටිනා වස්තුවක් හමු විය. එය ප‍්‍රතිචක‍්‍රීකරණය කළ කඩදාසියක මුද්‍රණය කළ නත්තල් කාඞ්පතකි. සරල පින්සල් පාර කිහිපයකින් එහි සදාහරිත ශාඛ සහිත කඳුකර සිසිර දර්ශනයක් මතුකර තිබිණි. එහි යටින් රතු ගෙඩි සහිත හොලීගස් මැද අතින් ලියූ මේ පණිවිඩය විය: “ඔබට සමාදානය වේවා!”

කලාකරුවා සිරගතව සිටි, මගේ මිත‍්‍රයෙකි. මා ඔහුගේ චිත‍්‍රය අගය කරන අතර ඔහුට මා වසර දෙකකින් ලිපියක් ලියා නැති බව මට මතක් විය!

බොහෝ කලකට පෙර තවත් එවැනි සිරකරුවෙකු සිරගෙදරදී අමතක කර තිබිණි. “ලූක් මා සමඟ සිටී” යනුවෙන් පාවුල් අපොස්තුළුවරයා තිමෝතිට ලියමින් පවසයි (2 තිමෝති 4:11). “කිසිවෙක් මා සමඟ නොසිට සියල්ලෝ ම මා අත්හැර ගියෝය” යනුවෙන් පාවුල් පවසයි (16 පදය). එහෙත් සිරගෙදරදී පවා ධෛර්යය උපදවාගත් පාවුල් “ස්වාමීන්වහන්සේ මා ළඟ සිට මා ශක්තිමත් කළසේක” යනුවෙන් ලියා තිබේ (17 පදය). එහෙත් අනිවාර්යයෙන් ම තනිවීමේ වේදනාව පාවුල්ට දැනෙන්න ඇත.

එ් අනර්ඝ නත්තල් කාඩ්පත පිටුපස “යේසුස්වහන්සේගේ උත්පත්තිය තුළින් පැමිණි සාමය, සතුට සහ බලාපොරොත්තුව ඔබ සහ ඔබගේ පවුලේ අය සමඟ වේවා!” යනුවෙන් මගේ මිතුරා ලියා තිබිණි. “ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ඔබගේ සහෝදරයා ගෙනි” යනුවෙන් ඔහු එය අවසන් කර තිබිණි. ඔහු වෙනුවෙන් යාච්ඤා කිරීමට මතක් කිරීමක් ලෙස මම එය බිත්තියෙහි ගැසුවෙමි. ඉන්පසු ඔහුට මම පිළිතුරු යැවීමි.

මේ නව වසර පුරා අපි වඩාත් පාලුවෙන් සිටින අපගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් කාලය ගනිමු.