ටානි සහ මොඩුපේ නයිජීරියාවේ හැදී වැඩී අධ්‍යාපන කටයුතු සඳහා 1970 ගණන්වල එංගලන්තයට ගියහ. දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් පුද්ගලිකව වෙනස්වී සිටියත් එංගලන්තයේ ලිවර්පූල් ඈන් ෆීල්ඩ්හී ඉතා දුගී විවිධ කොටස් වලින් බෙදී තිබෙන ප්‍රදේශයක් වෙනස් කිරීමට දෙවියන්වහන්සේ ඔවුන්ව භාවිතා කෙරෙනු ඇතැයි ඔව්හු කිසි දිනෙක නොසිතුවෝය. ආචාර්යවරුන් වන ටානි සහ මොඩුපේ ඔමිඩෙයි විශ්වාසවන්තව දෙවියන්වහන්සේව සොයමින් එම ජනයා අතර සේවය කළ අතර දෙවියන්වහන්සේ බොහෝ දෙනෙකුට බලාපොරොත්තුව ඇති කළ සේක. දැන් ඔවුහු ජ්වලිත සභාවක්ද විවිධ සමූහන ව්‍යාපෘතිද කර ගෙන යන්නෝය. ඒ නිසා මිණිය නොහැකි තරම් ජීවිත වෙනස් වූහ.

මනස්සේ ප්‍රථමයෙන් නපුරටද පසුව යහපතටද තම ජනයා වෙනස් කළේය. වයස 12 දී රජවී ඔහු තම සෙනග වැරදි මාර්ගයට ගෙන ගියේය. ඔව්හු වසර ගණනාවක් බොහෝ නපුරුකම් කළෝය (2 ලේකම් 33:1-9*). ඔව්හු දෙවියන්වහන්සේගේ අනතුරු ඇඟවීම් වලට ඇහුම්කන් නුදුන්නෝය. ඒහෙයින් බබිලෝනියට මනස්සේ අල්ලා ගෙන යාමට උන්වහන්සේ ඉඩ දුන් සේක (10-11 පද).

ඔහුගේ විපත්තියේදී මනස්සේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි බැගෑපත්වී ස්වාමින්වහන්සේට මොර ගැසීය. උන්වහන්සේ ඔහුගේ බස් අසා ඔහුව රාජ්‍යයට නැවත පත් කළ සේක (12-13 පද). දැන් වෙනස් වූ රජු නගරයේ පවුරු නැවත ගොඩ නගා අන්‍ය දෙවිවරු පහ කළේය (14-15 පද). “ඔහු ස්වාමින්වහන්සේගේ පූජාසනය ගොඩ නගා …. ඉශ්‍රායෙල් දෙවිවූ ස්වාමින්වහන්සේට සේවය කිරීමට යුදා සෙනග උනන්දු කළේය” (16පදය). සෙනග මනස්සේගේ ප්‍රබල වෙනස දැක ඔවුහුද වෙනස් වූහ (17 පදය).

අපි දෙවියන්වහන්සේ සොයන විට උන්වහන්සේ අපව වෙනස් කර අපගේ ජනතාවට බලපෑම් කිරීමට අප තුළින් ක්‍රියා කරන සේක්වා!