වෙස්ට්මිනිස්ටර්හි ඔරලෝසු කණුවේ බිග්බෙන් නම් සුප‍්‍රසිද්ධ සීනුව ලන්ඩනයෙහි ඇති තේජවත් ස්මාරකයකි. එහි නාදය ගෙන ඇත්තේ හැන්ඩල්ගේ “මෙසායා” නැමති ගීත නාටකයේ එන “මාගේ මිදුම්කරු ජීවත්වේ” යන සංගීත කණ්ඩයෙන් යැයි පිළිගැනේ. පසුව එයට වචන එක් කර ඔරලෝසු කාමරයේ පළකර තිබේ. “ස්වාමිනී මේ පැය තුළ අපගේ මඟපෙන්වන්නා වෙන්න. එවිට ඔබගේ බලයෙන් අපගේ පය නොලිස්සන්නේය.”

මෙම වචන ගීතාවලිය 37ට සමානවේ. “මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමීන් කරණකොටගෙන ස්ථීරවෙයි; උන්වහන්සේ ඔහුගේ මාර්ගය ගැන ප‍්‍රීතිවනසේක. ඔහු වැටෙන නුමුත් සහමුලින්ම හෙළනු නොලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්තයෙන් ඔහුට ආධාර කරනසේක” (23-24 පද). තම දරුවන්ගේ අත්දැකීම් වලට දෙවියන්වහන්සේ කෙතරම් සමීපවන්නේදැයි බලන්න. “උන්වහන්සේ ඔහුගේ මාර්ගය ගැන ප‍්‍රීතිවනසේක” (23 පදය). 31 වන පදය තවදුරටත් පවසන්නේ “ඔහුගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ඔහුගේ සිතෙහිය; ඔහුගේ අඩිවලින් එකක්වත් නොලිස්සන්නේය” යනුවෙනි.

කෙතරම් අසාමාන්‍යද! විශ්වයේ මැවුම්කරුවාණෝ අප ඔසවා උපකාර කරනවා පමණක් නොව අපගේ ජීවිතයේ සැම මොහොතක් ගැනම ගැඹුරින් සලකනසේක. සහතිකයක් ඇතිව අපට මෙසේ ආරාධනා කිරීමට පේතෘස්ට හැකිවීම පුදුමයක් නොවේ. “උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න” (1 පේතෘස් 5:7). උන්වහන්සේ වෙත අප කෙරෙහි ඇති සැලකීම ගැන සහතිකය අපගේ සිත් තුළ නාදවන විට, අප වෙත එන සියල්ලට මුහුණ දීමට අපට දිරිය ලැබේ.