මාගේ නිවස විශාල කඳු දෙකක් අතර ඔයක් අසල පිහිටා තිබේ. වසන්තකාලයේ හිම දියවූ පසු සහ මහවැසි වැටුනු පසු මේ ඔය පුළුල්වී ගඟකට සමානවේ. සෙනඟ එහි ගිලී මියගොස් තිබේ. එක් දිනක් ඔයෙහි ආරම්භය මම දුටුවෙමි. එය කන්ද උඩ ඇති හිම පිට්ටනියකි. එහි සිට දියවූ හිම කඳු පහළට තම ගමන අරඹා අතරමඟදී මාගේ නිවාසය අසල ඇති ඔය වැනි තව දියපහර වලට ජලය සපයයි.

යාච්ඤාව ගැන සිතන විට බොහෝ විට මා යාච්ඤා කරන දිශාව වැරදි යැයි මට සිතේ. මම මාගේ කාරණාවලින් පටන්ගෙන ඔය පහළට එමින් දෙවියන්වහන්සේ වෙතට එ්වා ගෙන එමි. දෙවියන්වහන්සේ නොදන්නාක් මෙන් මම උන්වහන්සේට විස්තර සපයමි. මම උන්වහන්සේට කන්නලව් කරන්නේ දිව්‍ය බාධක ඉවත්කර දෙවියන්වහන්සේගේ සිත වෙනස් කිරීමට මෙනි. එ් වෙනුවට මා කළ යුත්තේ ඔය ආරම්භවන ඉහළ ගමන් කිරීමය.

අප දිශාව වෙනස් කළ විට, පේ‍්‍රමකරන කෙනෙකුගේ පිළිකාවක්, කැඩුණු පවුලක්, කැරළිකාර යෞවනයෙක් වැනි අපගේ ගැටළු ගැන දෙවියන්වහන්සේ අපට වඩා සලකන බව අපට අවබෝධ වේ. අපට අවශ්‍ය දෙය ගැන අප පියාණන්වහන්සේ දන්නාසේක (මතෙව් 6:8).

ජලය මෙන් අනුග‍්‍රහයද පහළ තැන්වලට ගලා එයි. දයාවේ ජලපහරවල් ගලා බසී. අපි දෙවියන්වහන්සේගෙන් පටන්ගෙන උන්වහන්සේ භූමියේ කරන දෙයට හවුල් වන්නේ කෙසේදැයි උන්වහන්සේගෙන් අසමු. යාච්ඤාවේ මෙම අලුත් ආරම්භක ස්ථානයේදී අපගේ දැක්ම වෙනස්වේ. අපි සොබාදහම දෙස බලා ශ්‍රේෂ්ඨ කලාකරුවාණන්ගේ අත්සන එහි දකිමු. අපි මනුෂ්‍යයන් දෙස බලා දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් මවන ලද සදාකාලික ගමනාන්තයක් ඇති පුද්ගලයන් දකිමු. එවිට උන්වහන්සේ වෙත ස්තූතිදීමද ප‍්‍රශංසාවද අප තුළින් නිතැතින්ම ගලා එයි.