පෘථිවියෙහි ගැඹුරට සෙනඟ කැණීම් කරන්නේ සමාන්‍යයෙන් පාෂාණවර්ග වල සාම්පල ගැනීමට, තෙල් ඇද්දැයි සෙවීමට හෝ ජලය ලබා ගැනීමටය.

භූගෝලීය මෙන්ම ආත්මික කාන්තාරයකද සිටින තම සෙනඟට යෙසායා 12හි දෙවියන්වහන්සේ පවසන්නේ තමන්වහන්සේගේ “ගැළවීමේ ළිං” සොයා ගැනීමටය. යෙසායා අනාගතවක්තෘ දෙවියන්වහන්සේ දෙන ගැළවීම, හොඳම නැවුම් ජලය ගත හැකි ළිඳකට සමාන කළේය. වසර ගණනාවක් දෙවියන්වහන්සේට පිටුපා සිටි පසු යුදා දේශය ආක‍්‍රමණය කර සෙනඟ විසුරුවා දැමීමට දෙවියන්වහන්සේ විදේශ ආක‍්‍රමණිකයන්ට ඉඩ දුන් බැවින් ඔවුන් වහල්කමට නියම කර තිබිණ. එහෙත් යෙසායා අනාගතවක්තෘ පැවසුවේ, දෙවියන්වහන්සේ ඔවුන් සමඟ සිටින බව පෙන්වීම පිණිස ඔවුන්ගෙන් ඉතිරි වන කොටස ඉශ‍්‍රායෙල් දේශය වෙත නැවත පැමිණෙන බවය (යෙසායා 11:11-12).

යෙසායා 12, උන්වහන්සේගේ පොරොන්දු එනම් විශේෂයෙන් ගැළවීමේ පොරොන්දුව තැබීමට දෙවියන්වහන්සේ විශ්වාසවන්තවූ නිසා උන්වහන්සේට දෙන ප‍්‍රශංසාවේ ගීතිකාවකි. දෙවියන්වහන්සේගේ “ගැළවීමේ ළිං” වල පතුලේ දෙවියන්වහන්සේගේ අනුග‍්‍රහය, ශක්තිය සහ ප‍්‍රීතිය නැමති සීත ජලය ඔවුන් අත්දකින බවට යෙසායා සෙනඟ දිරිමත් කළේය (1-3 පදය). මෙය ඔවුන්ගේ සිත් නැවුම් කර ශක්තිමත් කර දෙවියන්වහන්සේ කෙරෙහි ප‍්‍රශංසාව සහ කෘතඥතාවක් උපදවනු ඇත (4-6 පද).

පාප කියාදීමෙන් සහ පසුතැවිල්ලෙන් අප සැම උන්වහන්සේගේ ගැළවීම නැමති සදාකාලික ළිඳෙන් ප‍්‍රීතියේ සීතල ජලය සොයා ගන්නවාට දෙවියන්වහන්සේ කැමතිය.