2014, මාර්තු මාසයේදී මාගේ ගම් පෙදෙසේ ගෝත‍්‍ර ගැටුමක් ඇති විය. මාගේ පියාගේ නෑයන්ට සහ තවත් බොහෝ සරණාගතයින්ට නගරයේ ආරක්ෂාව සොයා යන්නට සිදුවිය. ඉතිහාසය පුරා තම දේශය තමන්ට ආරක්ෂාව නොදෙන බව තේරුම් ගත් සෙනඟ ආරක්ෂාව සහ වඩා යහපත්දේ සොයමින් වෙනත් ස්ථාන වලට ගොස් ඇත.

මගේ ගමේ අය බැහැදැක ඔවුන් සමඟ කථාකරන විට යෝෂුවා 20:1-9හි සඳහන් ආරක්ෂා නුවරවල් ගැන මම කල්පනා කළෙමි. අත්වැරදීමකින් සිදුවූ මරණයක් නිසා “තමන්ගෙන් පළිගැනීමට බලා සිටින ඥාතීන්ගෙන්” ආරක්ෂාව අවශ්‍ය අයට මෙම නගර සාදා තිබිණ (3 පදය). එම නගර සාමය සහ ආරක්ෂාව ලබා දුනි.

අදද සෙනඟ විවිධ හේතූන් නිසා ආරක්ෂාවේ ස්ථාන සොයති. මෙම ආරක්ෂා ස්ථාන ඉතා අවශ්‍ය වුවද සෙවණද, ආහාරද සැපයුවද සරණාගතයින් සහ පැනයන්නන් උදෙසා අවශ්‍ය සියල්ල සැපයීමට අද එම නගර වලට නොහැකිය. එම විශ‍්‍රාමය ලැබෙන්නේ දෙවියන්වහන්සේ තුළ පමණි. දෙවියන්වහන්සේ සමඟ ගමන් කරන්නන්ට උන්වහන්සේ තුළ සෙවණද පූර්ණ ආරක්ෂාවද ලැබේ. පුරාණ ඉශ‍්‍රායෙලය වහල්කමට යවනු ලැබූ කල ස්වාමීන්වහන්සේ පැවසුවේ “ඔවුන් පැමිණ සිටින දේශවලදී මම ස්වල්ප කලකට ඔවුන්ට (ආරක්ෂා ස්ථානයක්) වන්නෙමි” කියාය (එසකියෙල් 11:16).

ගීතිකාකරු සමඟ අපට සහතික ලෙස කිවහැක්කේ “මාගේ සැඟවෙන ඉඩම නම් ඔබය; දුකට නොපැමිණෙන ලෙස ඔබ මා ආරක්ෂා කරනසේක. මිදීමේ ගීතිකාවලින් ඔබ මා වටකරනසේක” යනුවෙනි (32:7).