ටෙක්සාස්හි ගොවිපොළක හැදුණු වැඩුණු මගේ ගොපළු මිත‍්‍රයෙකුට අනගි කියමන් කිහිපයක් තිබේ. මා කැමතිම එක් කියමනක් නම් “හොඳ කෝපි හදන්න වැඩිය වතුර යන්නේ නැහැ” යන්නය. එසේම තමාට පාලනය කර ගැනීමට බැරි හරකෙකුට කව්රුන් හෝ කඹයක් දැමූ විට, නැතිනම් වෙනත් ගැටළුවකට මැදිව සිටින විට මාගේ මිත‍්‍රයා “ඔබට ඇති සියල්ල අල්ලා ගන්න!” යනුවෙන් කෑ ගසයි. එහි අර්ථය “උදව් මඟ එනවා, අත්හරින්න එපා!” යන්නයි.

එළිදරව් පොතෙහි “ආසියාවේ සභා සතට” ලියූ ලිපි අපි දකිමු (2-3 පරිච්ඡේද). එම පණිවුඩ ධෛර්යයෙන්ද තරවටුවෙන්ද අභියෝගයෙන්ද පිරී තිබේ. පළමු සියවසේ ලිපිය ලද අයට කථා කළ ආකාරයටම එ්වා අදත් අපට කථා කරයි.

මෙම ලිපි වල “නුඹලාට ඇතිදේ තදින් අල්ලාගන්න” යන්න දෙවරක්ම සඳහන්වේ. “නුඹලාට ඇතිදේ මා එනතුරු තදින් අල්ලාගෙන සිටින්න” යනුවෙන් ස්වාමීන්වහන්සේ තියාතිරාවේ සභාවට පවසනසේක (2:25). එසේම පිලදෙල්පියාවේ සභාවට උන්වහන්සේ පවසන්නේ “ඉක්මණින් එමි; කිසිවෙක් නුඹේ ඔටුන්න නොගන්නා ලෙස නුඹට තිබෙනදේ තදින් අල්ලාගන්න” කියාය (3:11). විශාල සෝදිසි සහ විරුද්ධකම් මධ්‍යයේ මෙම ඇදහිලිවන්තයින් දෙවියන්වහන්සේගේ පොරොන්දු අල්ලාගෙන ඇදහිල්ල අත් නොහැර සිටියෝය.

අපගේ වටාපිටාව දරුණුවී අපගේ දුක් වේදනා, ප‍්‍රීතිය යටපත් කර දමන විට යේසුස්වහන්සේ අපට ශබ්ද නගා පවසන්නේ “ඔබට තියෙන සියල්ල අල්ලා ගන්න, උදව් මඟ එනවා!” කියාය. එම පොරොන්දුව සමඟ අපට ඇදහිල්ල අල්ලාගෙන ප‍්‍රීති විය හැකිය.