ලොරෙන්සේ ගීබර්ටි (1378-1455) නම් ඉතාලි ජාතික කලාකරුවා ඉතාලියේ ෆ්ලොරන්ස්හි බව්තීස්මඝරයේ පිත්තල දොරවල් වල යේසුස්වහන්සේගේ ජීවිතයේ අවස්ථා ශූර ලෙස කැටයම් කරමින් වසර ගණනාවක් ගතකළේය. මෙම පිත්තල රූප කෙතරම් අනර්ඝද කිවහොත් මයිකල් ආන්ජලෝ එ්වාට පාරාදීසේය දොරටු යන නම තැබීය.

කලාත්මක නිධානයක් ලෙස එම දොරවල් ශුභාරංචි කථාවේ දෝංකාරයෙන් අමුත්තන් පිළිගනී. “දොරකඩනම් මමය. යමෙක් මා කරණකොටගෙන ඇතුල්වේද ඔහු ආරක්ෂාකරනු ලැබ…” කියා පැවසුවේ යේසුස්වහන්සේය (යොහන් 10:9). උන්වහන්සේගේ කුරුසිපත් කිරීමට පෙර රාත‍්‍රියේ උන්වහන්සේ තම ගෝලයන්ට “මාර්ගයද සැබෑවද ජීවනයද මමය, මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත”යි කීසේක (14:6). පැය කිහිපයකට පසු යේසුස්වහන්සේ තමාගේ පසෙකින් ඇණ ගසා සිටි සොරාට “අදම නුඹ මා සමඟ පරාදීසයෙහි සිටින්නේය” යනුවෙන් කීසේක (ලූක් 23:43).

සති කිහිපයකට පසු යේසුස්වහන්සේගේ මරණයට වගකිවයුතු අයට “වෙන කිසිවෙකු තුළ ගැළවීම නැත්තේය. මක්නිසාද අපගේ ගැළවීමට අවශ්‍යවූ මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේය” යනුවෙන් පේතෘස් අපොස්තුළුවරයා නිර්භීතව කිවේය (ක‍්‍රියා 4:12). “මනුෂ්‍යවර්ගයා සහ දෙවියන්වහන්සේ අතර ඇත්තේ එක් මැදහත්කරුවෙකුය – ක‍්‍රිස්තුස් යේසුස්වහන්සේය” කියා වසර ගණනාවකට පසු පාවුල් අපොස්තුළුවරයා ලීවේය (1 තිමෝති 2:5).

තමන් වෙත අවුත් විශ්වාස කරන සියල්ලන්ට සදාකාලික ජීවිතය දෙන ගැළවුම්කරුවාණන් තුළ පාරාදීසයේ දොරටු විවෘතය. උන්වහන්සේගේ ගැලවීමේ ප‍්‍රීතියට ඇතුල් වන්න.