පවුලට, මිතුරන්ට, හොඳින් දන්නා ස්ථානයකට, රැකියාවකට හෝ ජීවන ක‍්‍රමයකට සමුදීම අමාරුය. ලූක් 9:57-62 අපගේ ස්වාමීන්වහන්සේ උන්වහන්සේගේ ගෝලයෙකුවීමේ මිළ ගැන පවසනසේක. යේසුස්වහන්සේගේ අනුගාමිකයෙකු වීමට කැමති එක් අයෙකු “ස්වාමිනි ඔබ අනුව එන්නෙමි; නුමුත් ඔහු, ස්වාමිනි පළමු කොට මාගේ ගෙදර සිටින්නන්ගෙන් අවසර ගෙන එන්ට මට ඉඩ දුන මැනවයි කීවේය.” යේසුස්වහන්සේ ප‍්‍රතිචාර දැක්වූයේ “නගුලේ අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැත” කියාය (61-62 පද). උන්වහන්සේ පවසන්නේ තම ගෝලයින්ට වටිනා සියලු දේට සහ සියලු සබඳතාවන්ට සමුදීමටද?

ඉංග‍්‍රීසි “ගුඩ් බායි” යන්නට සාමාන වචනයක් චීන භාෂාවේ නැත. චීන භාෂාවෙන් කියන්නේ “නැවත හමුවෙමු” කියාය. යේසුස්වහන්සේගේ ගෝලයෙක් වීම යන්න සමහර විට අන් අය අපව ප‍්‍රතික්ෂේප කිරීම විය හැක. එහෙත් සියලු අතීත සබඳතා අප අමතක කරනවා යන්න ඉන් අදහස් නොවේ. සමුදීමෙහි අර්ථය උන්වහන්සේගේ ප‍්‍රමිතීන්ට අනුව සම්පූර්ණ සිතින් උන්වහන්සේ අනුගමනය කිරීම දෙවියන්වහන්සේ අපගෙන් බලාපොරොත්තුවේ යන්නය. එවිට සෙනඟ ගැන හරි දැක්මක් ඇති කර ගැනීමට අපට හැකිවේ.

දෙවියන්වහන්සේ අපට හොඳම දෙය දීමට බලාපොරොත්තු වනසේක. එහෙත් සියල්ලෙහි පුමුඛතාව ගැනීමට අපි උන්වහන්සේට ඉඩ දිය යුතුය.