2009 ශීත සෘතුවේදී, නිව්යොර්ක්හි හඩ්සන් නදියට විශාල මගී ගුවන්යානයක් හදිසියේ ගොඩබස්වනලදී. ගුවන් නියමු චෙස්ලි සලන්බර්ග් කිසිදු උපද්‍රවයක් නැතිව යානය ගොඩබැස්වූ පසු ජීවිතයත් මරණයත් අතර තීරණයකට ගුවනේදී ඔහු මුහුණ දී සිටින විට කුමක් සිතුනේදැයි ඔහුගෙන් අසන ලදී. ඔහු කීවේ “එ් දිහා බැලිය හැකි එක් විධියක් නම් වසර 42ක් මා අත්දැකීම්, අධ්‍යාපයන සහ පුහුණුව නැමති බැංකුවේ නිතිපතා ටික ටික ඉතිරි කළා. එම දිනය වන විට විශාල ඉතුරුවක් තිබූ නිසා මට විශාල ප‍්‍රමාණයක ආපසු ගැනීමක් කළ හැකි වුනා” කියාය.

අප සියලු දෙනා කෙදිනක හෝ තීරණාත්මක මොහොතකට මුහුණ දෙනු ඇත. එ් රැකියාව අහිමිවීමක්, වෛද්‍යපරීක්ෂණයක ප‍්‍රතිඵලයක්, නැතිනම් පවුලේ අයෙකුගේ හෝ මිතුරෙකුගේ මරණයක් විය හැකිය. අපගේ ආත්මික බැංකු ගිණුමේ පතුලට යන්නට අපට සිදුවන්නේ එවිටය.

එහි අපට සොයා ගැනීමට හැකි වනු ඇත්තේ කුමක්ද? දෙවියන්වහන්සේ සමඟ ගැඹුරු අත්දැකීමක් අප භුක්තිවිඳ ඇත්නම් නිතිපතා අප “ඇදහිල්ලේ ඉතුරුම්” කර තිබේ. අප උන්වහන්සේගේ අනුග‍්‍රහය අත් දැක තිබේ (2 කොරින්ති 8:9; එපීස 2:4-7). දෙවියන්වහන්සේ ධර්මිෂ්ඨය, විශ්වාසවන්තය යන බයිබලයේ පොරාන්දුව අපි විශ්වාස කරමු. (ද්විතීය කථාව 32:4; 2 තෙසලෝනික 3:3).

දෙවියන්වහන්සේගේ දරුවන්ට “ආපසු ගැනීමක්” අවශ්‍ය වන විට දෙවියන්වහන්සේගේ ප්‍රේමය සහ අනුග‍්‍රහය තිබේ (ගීතාවලිය 9:10; හෙබ්‍රෙව් 4:16).