අක් සුහ් ලාහ් ටූල් නැමති සත්ත්වයා ජීව විද්‍යාත්මක ප‍්‍රහේලිකාවකි. ඌ වැඩිහිටි තත්ත්වයට පත් නොවී ජීවිතයේ සැම දිනම ඉස්ගෙඩියෙකුගේ තත්ත්වයේ සිටී. ලේඛකයෝ සහ දර්ශනවාදීහු එම සත්ත්වයා වර්ධනයට භය අයෙකු විස්තර කිරීමට යොදාගනිති.

නව ඇදහිලිවන්තයින්හට දිය යුතු ආත්මික “කිරි වලින්” සෑහීමට පත්වී සෞඛ්‍යමත් වර්ධනයක් මඟහැරිය කිතුනුවන් ගැන හෙබ්‍රෙව් 5හි අපි ඉගෙන ගනිමු. සමහර විට පීඩාවට ඇති බිය නිසා අන් අය වෙනුවෙන් ක‍්‍රිස්තුස්වහන්සේ සමඟ දුක් විඳීමට ඔවුන් ශක්තිමත් කරන වර්ගයේ විශ්වාසවන්තකමකින් ඔවුන් වර්ධනය වූයේ නැත (7-10 පද). එ් වෙනුවට ඔව්හු මෙතෙක් පෙන්වූ ක‍්‍රිස්තුස්වහන්සේට සමාන ගුණාංග වලින්ද වැටී යාමේ අනතුරුදායක තත්ත්වයක් පෙන්වූහ (6:9-11). ඔව්හු තමන්ව පූජා කර ගැනීමේ දැඩි ආහාර වලට සූදානම්ව නොසිටියෝය (5:14). එහෙයින් කර්තෘවරයා “එ් ගැන බොහෝ දේ කියන්ට අපට ඇත්තේය. නුමුත් නුඹලා ඇසීමට මැළිව සිටින බැවින් එ්වා තේරුම් කරදෙන්ට අමාරුය” යනුවෙන් ලියා තිබේ (11 පදය).

“අක් සුහු ලාහ් ටූල්” අනුගමනය කරන්නේ තමන් වෙනුවෙන් දෙවියන්වහන්සේ දී තිබෙන ස්වාභාවික සැලැස්මය. එහෙත් ක‍්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් සැලසුම් කර ඇත්තේ ආත්මිකව වර්ධනය වනු පිණිසය. එසේ වර්ධනය වන විට අපගේ සාමය සහ ප‍්‍රීතියට වඩා යමක් එහි ඇති බව අපි දැනගන්නෙමු. අප පාරාර්ථකාමීව අන් අය දිරිමත් කරන විට උන්වහන්සේ මෙන් වර්ධනය විම දෙවියන්වහන්සේට ගෞරවය ගෙන දෙයි.