අපගේ සභාව ඉදිරිපිට ඇති ලෝක ප‍්‍රසිද්ධ මල්වත්ත අපගේ සියලු සභා සමූහයන්ගේ රැස්වීම සඳහා භාවිතා විය. මා වසර ගණනාවක් දන්නා සෙනඟට සුභ පතමින්ද මෑතකදී හමු නොවූ අය සමඟ කථා කරමින්ද ශාඛ ගැන දැනුමක් ඇති ශාඛවලට ප්‍රේම කරන අය විසින් පෝෂණය කරන ලද අලංකාර වටා පිටාව රස විඳිමින්ද වත්ත පුරා යන විට, සභාව ක‍්‍රියාත්මක වියයුතු ආකාරය ගැන සංකේත බොහෝමයක් එහි ඇති බව මට වැටහිණ. එය පෘථිවියේ ඇති ස්වර්ගය ගැන කුඩා ඡායාවකි.

මල් වත්තක් යනු එ් එ් ගස, එයට හොඳින්ම වැඞීමට හැකි ස්ථානයක සිටුවා ඇති ස්ථානයකි. උද්‍යාන පාලකයෝ පස සකස් කර කෘමීන්ගෙන් ගස් ආරක්ෂා කර අවශ්‍ය පොහොර, ජලය සහ හිරු එළිය ලැබීමට සලස්වති. එහි ප‍්‍රතිඵලය සෙනඟට භුක්ති විඳිය හැකි අලංකාර, වර්ණවත්, සුවඳහමන ස්ථානයකි.

මල් වත්ත මෙන්ම සභාවද දෙවියන්වහන්සේගේ මහිමය පිණිසද සියල්ලන්ගේ යහපත පිණිසද සියල්ලෝ එකට වැඩ කරන තැනකි. එහි අප සුරක්ෂිත පරිසරයක ජීවත් වන බැවින් සියල්ලෝම හොඳින් වැඩෙති. එය එකිනෙකාගේ අවශ්‍යතාව අනුව පුද්ගලයින්ට සලකන ස්ථානයකි. එහි අප එකිනෙකා කරන්නේ අප කැමති එසේම අන් අයට ප‍්‍රයෝජනවත් වැඩ ය (1 කොරින්ති 14:26).

හොඳින් රැකබලාගත් ශාඛමෙන්, සුවදායක පරිසරයක හැදෙන වැඩෙන සෙනඟ තුළ මිහිරි සුවඳක් තිබේ. ඔව්හු උන්වහන්සේගේ ප්‍රේමයේ අලංකාරය ප‍්‍රදර්ශනය කර සෙනඟ දෙවියන්වහන්සේ වෙත ඇදගනිති. සභාව සර්ව සම්පූර්ණ නැත. එහෙත් එය ඇත්තෙන්ම ස්වර්ගයේ ඡායාවකි.