ආචාර්ය මාර්ටින් ලූතර් කිං (කනිෂ්ඨ) 1957 ඉරිදා උදෑසන දේශනා කරන අතර වර්ගවාදයෙන් පිරී සිටි සමාජයකට විරුද්ධව ක‍්‍රියා කිරීමට පැමිණි පරීක්ෂාවට විරුද්ධව ඔහු සටන් කළේය.

“ඔබගේ සතුරන්ට ප්‍රේමකිරීම ඔබ ක‍්‍රියාත්මක කරන්නේ කෙසේද?” කියා ඇලබාමාහි මොන්ට්ගොමරි නගරයේ බැප්ටිස්ට් සභාවේ සාමාජිකයන්ගෙන් ඔහු ඇසුවේය. “ඔබගෙන් පටන් ගන්න… ඔබගේ සතුරා පරාජය කිරීමට ඔබට වේලාව පැමිණි විට, එය නොකිරීම ඔබට ලැබෙන අවස්ථාවයි.”

යේසුස්වහන්සේගේ වචන උපුටා දක්වමින් කිං මෙසේ ප‍්‍රකාශ කළේය. “නුඹලාගේ සතුරන්ට පේ‍්‍රමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤා කරන්න. මෙසේ නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන් වහන්සේගේ පුත‍්‍රයෝ වන්නෝය” (මතෙව් 5:44-45).

අපට හානි කරන අය ගැන සිතන විට අප දෙවියන්වහන්සේගේ සතුරන්ව සිටි කාලය මතක් කර ගැනීම නුවණට හුරුය (රෝම 5:10). එහෙත් ”(දෙවියන්වහන්සේ) ක‍්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන තමන්වහන්සේට අප සමගි කරගෙන, සමගි කිරීමේ සේවය අපට දුන්සේක” යනුවෙන් පාවුල් ලියා තිබේ (2 කොරින්ති 5:18). දැන් අපට ශුද්ධවූ යුතුකමක් ඇත. උන්වහන්සේ “සමගි කිරීමේ වචනයද අපට භාරදුන්සේක” (19 පදය) එම පණිවුඩය අප ලෝකයට ගෙන යායුතුය.

ජාති සහ දේශපාලනික විරුද්ධවාදීකම් අලුත් දේවල් නොවේ. එහෙත් සභාවේ යුතුකම නම් කිසිවිට බෙදීම් වලට උපකාර නොකිරීමයි. අපට සමාන නැති, වෙනත් මතවාද දරන හෝ අපගේ විනාශය සොයන අයට අප පහර නොගැසිය යුතුය. අපගේ සේවය, යේසුස්වහන්සේගේ පරාර්ථකාමී සේවක හදවත අනුකරනය කරන “සමගි කිරීමේ” සේවයයි.